ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Tuesday, June 17, 2014

තොපිට මතක නෑ මට අමතක නෑ


අවුරුදු 3කතවිතර කලින් උන සිද්දියක් ඈ .

මං අවුරුද්දක් විතර  එක ගාමන්ට් ෆැක්ටරි එකක ඔපිස් එකක වැඩ කළා. ඔෆිස් එකේ හිටියේ අපි 7 දෙනෙක් විතර. ඉතින් ඔතන ගෑනු ළමයිට හිටියේ මමයි තව අක්ක කෙනෙකුයි . එයා මට වඩා පරණයි. මට වයස 19යි එයාට එතකොට 25යි . ඒ අක්ක හුගක් කෙට්ටුයි කොටයි. මං එයාට සෝමාවතී කියන්නම් හරිද .  එයා  ඔතන කලේ ඉන්වොයිස් හදන එකයි  පොඩි පොඩි වැඩ. අනේ මන්දා කොයි වෙලෙත් එයා ෆේස්බුක්.   මං හිටියේ production & marketing coordinator විදියට. ඕනෑවටත් වඩා දෙන්න ගිහින් අන්තිම  ලියුම් හදන්නයි එකවුන්ට්ස් වැඩයි කස්ටමර්ස්ල හැන්ඩ්ල් කරන්නයි හෙන කුණු ගොඩවල් මට වැටුනා, ඒ හින්ද අවුරුද්දෙන් වගේ මං ඔතනින් අයින් උනා .තව ටික දවසක් ගියොත් එහෙම එතන මැනේජර් කලොත් කාට කියන්නද නෙ .

මේකයි සින් එක . සෝමාවතී අක්කට හැම තිස්සෙම යාලුවොන්ගෙන් කෝල් එනවා. උන් ඔක්කොම  කොල්ලෝ . ඉතින් කොයි වෙලෙත් බොස් නැති වෙලාවට එයා ෆෝන් එකේ එල්ලිලා ඉන්නව.අනේ අම්මේ කියන ඒවට මං මොනිටරේට මුවා වෙලා හිනා වේවි ඉන්නවා . දැන්  නම් එයා බැදලා බබෙක් එහෙමත් ඉන්නව. කොල්ලෝ විස්සක් තිහක් විතර එක්ක මල් කඩල අන්තිමට බැන්දේ සතියෙන් සෙට් උන කොල්ලෙක්ව. ඒ අක්ක ටිකක් දුර පලාතක හින්දා බෝඩ් වෙලා හිටියෙත් ඉතින් මමත් ඉතින් නිවාඩු දවසට එන්න කියල අම්ම කෑම වේලක් එහෙම දෙනවා. ඉතින් අම්මත් මේ අක්කව හොදට අදුරනව.

දවසක් ඉතින් අක්ක මගෙන් ඇහුවා

"නංගා අපි නිවාඩු දවසක  ගංගාරාම පන්සල් යන්ද " කියලා

එච්චර දුරක් නැති උනාට මං ජිවිතේට ගංගාරාම පන්සලට  ගිහින් තිබ්බේ නෑ . අඩුගානේ තාත්තා මාව ඉස්කෝලේ ට්‍රිප් වත් යවන්නේ නෑ . ට්‍රිප් දෙකක් ගියා ඒත් අඩලා වැලපිලා.ඉතින් මාත් දහසක් බලාපොරොත්තු තියාගෙන අම්මගෙන් ඇහුවා අම්මේ මං සෝමාවතී අක්ක එක්ක ගන්ගාරාමේ පන්සල් යන්නද කියල . අම්මත් අවුලක් නෑ හා කිවුවා. (ඒ වෙද්දී තාත්තා හිටියේ නැහැ )

කොහොම හරි පහුවදා කුකුලත් අතේ අරන් මම කිරිබත්ගොඩට ගියා .සෝමාවතී අක්කත් ආවා.

"නංගා මගේ තව යාලුවෙක් එනවා එනකන් ඉමු ටිකක් "

මටත් මොකෝ  " හා අක්කේ "

ටික වෙලාවක් හිටියා එක පාරට කොල්ලෙක් ඇවිත් සොමවතිගෙන් අහනවා

"ඔයා නේද සෝමාවතී ? "

"ආ ඔව්  "  අනේ ඉතින් දෙන්න අලගිය මුලගිය තැන් කතාව . මට නම් උගේ මෙලෝ රහක් නෑ .

"කාලද ආවේ "
"රෑට කෑවේ මොනාද "
" අනේ ඔයාගේ දත් අස්සේ මාළු කට්ටක් "
"කීයටද ගෙදරින් ආවේ "

අක්කගේ පෙම් හිනාව අරුගේ පැණි හිනාව . එතන කෝලම් මඩුවක් කරගෙන .

"අක්කේ යාලුව එන් නැද්ද ? "

"යමු නංගා මෙයා එනකන් තමා හිට්යේ "



යකෝ යාළුවා කොල්ලෙක්ද . මු එක්කද අපි පන්සල් යන්නේ දැන්. අම්මට කිවුවේත් නෑ . නිකන් හරි අදුරන එකෙක් දැක්කොත් . මට ආයේ නෑ දෙන්න  හිතුනා අරකිට තව ටිකක් කොට වෙන්න . !@#$% යන මගුලක තනියම යන්නේ නැතුව මොන මගුලටද මාව එක්කන් යන්නේ . අම්ම දන්නවා නම් මේකිව ගෙදරට වත් ගන්නේ නෑ . දන්නේ නැති එකෙක් එක්ක ඇවිදින්න .

" අක්කේ එහෙනම් මං ඕනේ නැනේ ඔය දෙන්න ගිහින් එන්න මගේ ඔලුවත් රිදෙනවා "


"අනේ නංගා මං බෝඩිමේ ඇන්ටිට කිවුවේ ඔයා එක්ක යනවා කියලනේ . අදුරන කවුරු හරි දැක්කොත් හරි නැනේ යමුකෝ "

එතකොට යකෝ මං අදුරන එකෙක් දැක්කොත් හරිද . ආයේ නම් මෙකි එක්ක කොහෙවත් යන් නෑ .

" හා ගිහින් ඉක්මනට එමු හරිද"

මුන් දෙන්නට ඕනේ එකක් කරගන්න කියල මං බස් එකේ ඉස්සරහ සිට් එකක වාඩි වෙලා පාඩුවේ ගියා. පන්සලට එහෙමත් ගියා. ගංගාරාම පන්සලට ගිහින් මං මට ඕනේ ව්දියට ඇවිද්දා. කලින් ඇවිත් නැති එක එක හේතුවක් . අනිත් හේතුව  හිතේ තරහ .

පාර අයිනේ බේරේ වැව මැද්දේ  තියෙන තැනටත් ගියා . සෙරප්පු එහෙම ගලවලා මං එතනට වෙලා ඉදගෙන හිටියා, අනේ අරුන් දෙන්නා එතන ෆොටෝ ගන්නවා . බුදු පිළිම වලට වැදගෙනයි . වැව දිහා බලාගෙනයි එක විකාරයක්.

මං ඉතින් ඔතන තියෙන බුදු පිළිම දිහා බල බල එක වටේම ගියා. ඒ ගමන් එහා පැත්තේ ගග මද තියෙන මෙවුව එකේ ඉන්න කපල් දිහාත් බැලුවා . එතන වටේම තියල තියන බුදු පිළිම බස් එකේදී මං දැකල තියෙන්නේ සුදු පාටට. ඒත් ලගට ගියාමයි දැක්කේ ඒ සුදු වෙලා තියෙන්නේ ලස්සන තඹ පාට බුදු පිළිම ටිකක් කියලා. මං ඕවා බලාගෙන වටේම ඇවිදලා ඉස්සරහට එද්දී අරුන් දෙන්නා වැනි වැනි යනවා. මාත් ඉතින් එතනින් ආවා.


"මොනා හරි බොනවද " අරු අහනවා යන ගමන් .

මං උට හොරෙන් සොමවතිට බෑ බෑ කියල ඔලුව වැනුවා.

එකී බෑ කිවුවම " නෑ නෑ එන්න මොනා හරි බිලා යමු"

"අක්කේ මාව කොටුවට බස් එකට දානවද ? "

උට තේරුනා මට මල විකසිතයි කියල.

"හා හා එහෙනම් යන් "

අපිත් ඉතින් ගියා. අර කපල් කුඩ යටට වෙලා ඉන්න ඒරියා එක පහු වෙද්දී මම මනුස්ස කමට වගේ ඒ පැත්ත බලන් එහෙම ගියේ නෑ ඉතින් .

ඔහොම ඔහොමඅපි ඉදිරියටම ගියා

හත් දෙයියනේ . මල නොන්ඩියයි . මං එහෙමම නැවතුනා . ආයෙත් අනිත් පැත්ත හැරුනා . දිවුවා දිවිල්ලක් ආයේ නෑ පණ එපා කියල. අරුන් දෙන්නා බය වෙලා. මං පිටි පස්ස බලන්නේවත් නැතුව දිවුවා.

පන්සලට ගියාම සෙරෙප්පු දෙක උස්සන මේ කාලේ.  දාගෙන ආපු ලස්සන සෙරප්පු දෙක දාල එන්ඩ එහෙම පුලුවන්ද . 

~හාවි ~

Saturday, June 7, 2014

කෙල්ලන්ට විශේෂයි...හිත කියන්නේ කැඩපතක් නෙමෙයි..





කොල්ලො කෙල්ලො අතර ප්‍රශ්න ඇති වීමට බලපාන ප්‍රධාන කාරනයක් ගැන කතා කරන්න හිතුවා..එක මගේ අද්දැකීමෙන් දන්න දෙයක් එම නිසා කෙල්ලන් අනිවාර්යෙන් කියවන්න.


හිත් කියන්නේ කැඩපතක් නෙමෙයි..කියන්න තියන දේ කෙලින්ම කියන්න...


ආදරය කරද්දී සමහර ගෑණු ලමයි හිතාගෙන ඉන්නවා අපි දෙන්නම එක්කෙනෙක්..අනිත් කෙනා හිතන්න ඔනේ මං හිතන විදිහට කියනදේ.ආදරය සම්බන්ධයෙන් එවැනි අදහස් තිබීම මිථයාවක්.ආදරය කියන්නේ එයට නෙමෙයි.ආදරය කරන දෙන්නා ඇත්තටම වෙනස් විදිහට හිතන,වෙනස් විදිහේ හිතුම් පැතුම් තියන දෙවිධියක දෙදෙනෙක්.අපි හැමොම පුද්හලයන් වශයෙන් ස්වාධීඅයි.හැමවිටම 100%ක් අනිකාව තෙරුම් ගැනීමේ හැකීයාවක් කොල්ලන්ට නෑ..ගෑණු ළමයි බොහොවිට තමන්ගේ හිතේ තියන දෙය කොල්ලන්ට කියන්නේ නෑ"එයා මාව තෙරුම් ගනීවී ..එයා මට ඇත්තටම ආදරේ නම් එක වෙන්න ඔනේ"කෙල්ලො එහෙම හිතනවා එත් කොල්ලො තවමත් හිත් කියවීමේ මට්ටමට හිත දියුනු නොකර ඇති නිසා එවැනි අදහස් වලින් කොල්ලා වගෙම කෙල්ලත් දුකට පත් වෙනවා..එ නිසා යම් අදහසක් හො අකමැති හො කැමති දෙයක් ඇත්නම් එය තමන්ගේ පෙම්වතාට පැවසීම හිතේ තියාගෙන ඉන්නවට වඩ හොද දෙයක්.

ප්‍රේමය දෙදෙනෙක් අතර ඇතිවන අන්නොන්ය අවබොදයේ පතිඵලයක්.තමන්ගේ අධ‍යාත්මය නිසි අයුරින් අනිකා වෙත සන්නිවෙදනය කල යුතුයි.වැරදි සන්නිවෙදනය වැරදි අවබොධයක් ලබා දෙනවා.පෙම්වතියගේ වචන වලින් නොකියා ඉගි බිගි පෑමෙන් දෙයක් කීම නිසා අදාල දේ ඔහුට තේරුම් නොයාමට පුලුවන්.


"මට අර ඇදුම අරගෙන දෙන්න,මම එකට ආසයි "

නොකිවුවොත් පෙම්වතා එය අරගෙන නොදීමට තියන ඉඩ කඩ වැඩි.එහෙම වුනහම කෙල්ල හිතනවා"එයා මට ආදරේ නෑ"එහෙම නොවි තමන්ට කැමති දේ හිතෙන දෙය කෙලින්ම පැවසීමෙන් ඔහුට ඔබව ඇයව තෙරුම් ගැනීමේ හැකියාව වැඩි.ඔබ ඔබේ මවගෙන් යමක් කෙලින්ම ඉල්ලන්නේ ඇයි..?


එහෙනම් ඇය අම්මා ඇයට ඔබව හොදින් තෙරුම් යන්න ඔනේ.එහෙම නොවී කෙලින්ම ඉල්ලන්නේ ඇය ඔබගේ මව නිසා නෙද ඔබ දන්නවා ඇය කෙසෙ හො ඔබව සතුටු කරන බව එ වගෙමයි පෙම්වතා ඔබ දෙයක් ඉල්ලනකොට ඔහු එය කෙසේ හො ලබා දෙනවා එයින් ඔබ හැන ඔහුගේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා..එයින් ඔහුගේ ආදරය ඔබට පෙන්නාවි..ඔබ හොද පෙම්වතියක් වගේම යාළුවෙක් හියලා හිතාවි මොකද යාළුවා ඔන දේ කෙලින්ම ඉල්ලන නිසා..එම නිසා ඔබේ හිතේ ඉබේ හටගන්නා ආදරය සැබෑවක් කරගන්න හැම විටම හිතලා මතලා හොදින් සැලසුම් කරන්න..

හොදයි කියලා හිතෙනවා නම් ශෙයා කරන්න....හිතේන දේ දැන්වත් කියන්න මොකද එය හිතේ තියා ගත්තා කියා ඔබටත් ඔහුට හො කාටවත් වාසියක් නොසැලසෙන නිසා.


***ස්කූබි***

Sunday, June 1, 2014

චූ බරක තරම :3.



මේක ඉස්කොලෙදි මට වෙච්ච සිද්දියක්..මම පොඩි කොල්ලා කලේ සිදු කරපු තවත් එක නොහිබිනා ක්‍රියාවක් තමයි ඔන්න මේ කියන්න යන්නේ...මතක විදිහට මම ස්කොලේ හත වසරේ..එ දවස් වලා මම මීට වඩා ඇම්බැට්ටයා කියල තමයි මා ගැන දන්නො නම් කියන්නේ.එ වුනාට කොල්ලා දැන් හොදයි ඈ...හැමදාම වගේ පන්තියක් පටන් ගන්න කලින් ජො බීමේ පුරුද්දක් අපි හැමොටම තිබුනා ජො බොන්න කියලා මිස් එන්න කලින් එලියට පනින අපි ආයෙත් පන්තියට එන්නේ  පැය කාලකට විතර පස්සේ....ඔන්න ඉතින් දවසක් ඔය විදිහටම පන්තිය පටන් ගන්න කලින් පන්තියෙන් එළියට පැනපු ස්කූබියා බඩ පුල් ටැන්ක් වෙන්නම ජො බිවුවා....බිලා රොන්දයක් ගහලා එහෙම පන්තියෙන් ඇවිත් ඉදගත්තේ චු නොදා කියමුකො...ඔන්න ඉතින් එක පිරියඩ් එකක් ඉවර වෙලා දෙවනි පිරියඩ් එකත් පටන් ගත්තා...ඔන්න ඉතින් කොල්ලට දැන් දැන් මහ මෙරක් තරම් චූ බරක් දැනෙනවා වගේ..එත් මුකක් කරන්නද එතකොට තමයි මීටර් වුනේ අද යකො ඩබල් පිරියඩ් නෙද මේ තියෙන්නේ කියලා..හත්වලාමේ කොහොමද යකො මේ බර තවත් විනඩි 45 හිර කරගෙන ඉන්නේ...කොල්ලට ඇඩෙන්න වගේ එත් මුකද කරන්නේ..ඔන පුකක් වුනාවේ කියලා සද්දේ වහන් ඉන්නවා ඇරෙන්න..මිස්ට කියන්නත් බැ..කිවුවොත් කියයි වතුර බොන්නේ එ වගෙම ඉවසන්න පුරුදුවෙනවා කියලා...නිකන් නොන්ඩි වෙනවා විතරයි එ නිසා කොල්ලා කූම හරි ඉවසනවා කියලා පුරුස සත්තියත් හිතට අරගෙන අතිනුත් තද කරගෙන දාඩිය පෙරාගෙන බලා ගත්තු අත බලාගෙන ඉන්නවා..එ අතරේ අපේ එකෙකුට මගේ වෙනස තේරිලාද කොහෙද මගෙන් අහනවා....

එ ස්කූබි මොක බන්ස් දාඩිය දාගෙන..සනීප නැද්ද...?

නෑ  බන් පස්ට හුජ්ජ බරයි..ඉන්න බෑ..තව හිටියොත් බිජ්ජේ පොටත් යයි.......ඉවසන්න බෑ..අම්මේ.........

කියලා කට ගන්න හම්බුනේ නැ අරු මුළු පන්තියට ඇහෙන්න

මිස් ස්කූබියට ලැට් යන්න ඔනෙලු........


කියල කෑ ගහල පන්තිය දෙවනත් කරා..මුගේ අම්මව කොටියම කපිය පර බල්ලා හුජ්ජ බර නැත්තම් තොගේ බිජ්ජ කපනවා කියලා හිතපු මම මිස් දිහා බලලා අහින්සක විදිහට හිනා වුනා...............මෙන මුකක් කරන්නද....ඔන්න එතකොට මගේ දිහ බලලා ඔරවපු මිස

කොහේ යන්නද ඔන්න ඔහේ ඉන්නවා..රොන්දේ යන්න එවා කොහෙද මාත් එක්ක වතුර බොන්න ගිහින් පැයක් ගියා දැන් ලැට් යන්න චූ බර නම් පන්තියේ දානවා...........කියපු මිස ආයෙමත් එයාගේ වැඩ පටන් ගත්තා..අනේ අර ඉතින් කොල්ලගේ අරක පුපුරන්න වගේ ඔව ලොඩ් වෙලා..කුමක් කරන්නද..? පොත් බෑග් එකත් කකුල් දෙක උඩින් තියා ගත්තු මම ඩෙස් එකට ඔළුව ගහගෙන පිරියඩ් එක ඉවර වෙනකන් හිටියේ කොයි වෙලාවෙද චූ කරන්නේ බලාගෙන.........දැන්නම් අරක ඔයින් ටොයින් ගානවා ඔන්න එතකොටම බෙල් එක ගැහුවා..අම්බො දෙයියො බැලුවා වගේ ඔන්න මිසුන් යන්න ගියා...මමත් බොහොම අමාරුවෙන් නැගිටගෙන කකුල් උස්සන්න හැදුවට බෑ බෑ වගේ දැන් යයි දැන් යයි ගානටම ටියුන් වෙලා මොකො කරන්නේ..පිස්සු පොරමුලා වගේ දහතේ කල්පනා කරනකොට පන්තියේ තියන කබඩ් එක මගේ උකුසු නෙතට අහු වුනේ ගනදෙවි ණුවන පහල වෙමින්.....අමාරුවෙන් අඩි දෙකක් ගිය මම කබඩ් එකේ දොර ඇරලා බොහොම අමාරුවෙන් ගෑණු ලමයි 24 දෙනෙක් ඉස්සරහා ලොඩ් මැන්ස් වගේ මගේ එකාකාරී චූ කදම්බය කබඩ් එක ඇතුලට මුදා හැරියා..කොල්ලන් හූ කියද්දි කෙල්ලො කෑ ගහද්දි මගේ පොම්පෙන් නිදහස් වුන  වතුර මල කබඩ් එකේ හිඩස් අතරින් බිමට ගලගෙන ගියේ මහවැලිය ගලන්න වගේ...හරිම සැපයි.....වැඩේ ඉවර කරලා පිටි පස්ස බලනකොට ඇරුන කරවල් හා ලොකු වුන ඇස් 42කින් මගේ දිහා කන්න වගේ බ ලාගෙන ඉන්නවා..හික්ස් මම බය වෙයි...

මොනවද ස්කූබි ඔය කරපු කැත වැඩේ...ඉන්නවා මම මිස් එනකන් කියන්න.


මෙකිගේ අම්මට හචින් අරින්න දැකලත් නොදැක්කා වගේ අහන හැටි එ විතරක්ද මිස්ටත් කියනවලු

ඈ බොල තො දැක්කේ නැද්ද කරේ මොකක්ද කියලා..ලබ්බක් අහන්නේ

දැක්කා එත් පන්තිය ඇතුලේ

අනේ මේ උබ මගෙන් කුනුහරප අහ ගන්න එපා..තොට ඇහුනේ නැද්ද මිස් පන්තියේ හුජ්ජ කරන්න කිවුවා.....



ප.ලි

" පුරුසාදිපත්‍යට... ජයවේවා ඈ......!!!


***ස්කූබි***