ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Tuesday, June 17, 2014

තොපිට මතක නෑ මට අමතක නෑ


අවුරුදු 3කතවිතර කලින් උන සිද්දියක් ඈ .

මං අවුරුද්දක් විතර  එක ගාමන්ට් ෆැක්ටරි එකක ඔපිස් එකක වැඩ කළා. ඔෆිස් එකේ හිටියේ අපි 7 දෙනෙක් විතර. ඉතින් ඔතන ගෑනු ළමයිට හිටියේ මමයි තව අක්ක කෙනෙකුයි . එයා මට වඩා පරණයි. මට වයස 19යි එයාට එතකොට 25යි . ඒ අක්ක හුගක් කෙට්ටුයි කොටයි. මං එයාට සෝමාවතී කියන්නම් හරිද .  එයා  ඔතන කලේ ඉන්වොයිස් හදන එකයි  පොඩි පොඩි වැඩ. අනේ මන්දා කොයි වෙලෙත් එයා ෆේස්බුක්.   මං හිටියේ production & marketing coordinator විදියට. ඕනෑවටත් වඩා දෙන්න ගිහින් අන්තිම  ලියුම් හදන්නයි එකවුන්ට්ස් වැඩයි කස්ටමර්ස්ල හැන්ඩ්ල් කරන්නයි හෙන කුණු ගොඩවල් මට වැටුනා, ඒ හින්ද අවුරුද්දෙන් වගේ මං ඔතනින් අයින් උනා .තව ටික දවසක් ගියොත් එහෙම එතන මැනේජර් කලොත් කාට කියන්නද නෙ .

මේකයි සින් එක . සෝමාවතී අක්කට හැම තිස්සෙම යාලුවොන්ගෙන් කෝල් එනවා. උන් ඔක්කොම  කොල්ලෝ . ඉතින් කොයි වෙලෙත් බොස් නැති වෙලාවට එයා ෆෝන් එකේ එල්ලිලා ඉන්නව.අනේ අම්මේ කියන ඒවට මං මොනිටරේට මුවා වෙලා හිනා වේවි ඉන්නවා . දැන්  නම් එයා බැදලා බබෙක් එහෙමත් ඉන්නව. කොල්ලෝ විස්සක් තිහක් විතර එක්ක මල් කඩල අන්තිමට බැන්දේ සතියෙන් සෙට් උන කොල්ලෙක්ව. ඒ අක්ක ටිකක් දුර පලාතක හින්දා බෝඩ් වෙලා හිටියෙත් ඉතින් මමත් ඉතින් නිවාඩු දවසට එන්න කියල අම්ම කෑම වේලක් එහෙම දෙනවා. ඉතින් අම්මත් මේ අක්කව හොදට අදුරනව.

දවසක් ඉතින් අක්ක මගෙන් ඇහුවා

"නංගා අපි නිවාඩු දවසක  ගංගාරාම පන්සල් යන්ද " කියලා

එච්චර දුරක් නැති උනාට මං ජිවිතේට ගංගාරාම පන්සලට  ගිහින් තිබ්බේ නෑ . අඩුගානේ තාත්තා මාව ඉස්කෝලේ ට්‍රිප් වත් යවන්නේ නෑ . ට්‍රිප් දෙකක් ගියා ඒත් අඩලා වැලපිලා.ඉතින් මාත් දහසක් බලාපොරොත්තු තියාගෙන අම්මගෙන් ඇහුවා අම්මේ මං සෝමාවතී අක්ක එක්ක ගන්ගාරාමේ පන්සල් යන්නද කියල . අම්මත් අවුලක් නෑ හා කිවුවා. (ඒ වෙද්දී තාත්තා හිටියේ නැහැ )

කොහොම හරි පහුවදා කුකුලත් අතේ අරන් මම කිරිබත්ගොඩට ගියා .සෝමාවතී අක්කත් ආවා.

"නංගා මගේ තව යාලුවෙක් එනවා එනකන් ඉමු ටිකක් "

මටත් මොකෝ  " හා අක්කේ "

ටික වෙලාවක් හිටියා එක පාරට කොල්ලෙක් ඇවිත් සොමවතිගෙන් අහනවා

"ඔයා නේද සෝමාවතී ? "

"ආ ඔව්  "  අනේ ඉතින් දෙන්න අලගිය මුලගිය තැන් කතාව . මට නම් උගේ මෙලෝ රහක් නෑ .

"කාලද ආවේ "
"රෑට කෑවේ මොනාද "
" අනේ ඔයාගේ දත් අස්සේ මාළු කට්ටක් "
"කීයටද ගෙදරින් ආවේ "

අක්කගේ පෙම් හිනාව අරුගේ පැණි හිනාව . එතන කෝලම් මඩුවක් කරගෙන .

"අක්කේ යාලුව එන් නැද්ද ? "

"යමු නංගා මෙයා එනකන් තමා හිට්යේ "



යකෝ යාළුවා කොල්ලෙක්ද . මු එක්කද අපි පන්සල් යන්නේ දැන්. අම්මට කිවුවේත් නෑ . නිකන් හරි අදුරන එකෙක් දැක්කොත් . මට ආයේ නෑ දෙන්න  හිතුනා අරකිට තව ටිකක් කොට වෙන්න . !@#$% යන මගුලක තනියම යන්නේ නැතුව මොන මගුලටද මාව එක්කන් යන්නේ . අම්ම දන්නවා නම් මේකිව ගෙදරට වත් ගන්නේ නෑ . දන්නේ නැති එකෙක් එක්ක ඇවිදින්න .

" අක්කේ එහෙනම් මං ඕනේ නැනේ ඔය දෙන්න ගිහින් එන්න මගේ ඔලුවත් රිදෙනවා "


"අනේ නංගා මං බෝඩිමේ ඇන්ටිට කිවුවේ ඔයා එක්ක යනවා කියලනේ . අදුරන කවුරු හරි දැක්කොත් හරි නැනේ යමුකෝ "

එතකොට යකෝ මං අදුරන එකෙක් දැක්කොත් හරිද . ආයේ නම් මෙකි එක්ක කොහෙවත් යන් නෑ .

" හා ගිහින් ඉක්මනට එමු හරිද"

මුන් දෙන්නට ඕනේ එකක් කරගන්න කියල මං බස් එකේ ඉස්සරහ සිට් එකක වාඩි වෙලා පාඩුවේ ගියා. පන්සලට එහෙමත් ගියා. ගංගාරාම පන්සලට ගිහින් මං මට ඕනේ ව්දියට ඇවිද්දා. කලින් ඇවිත් නැති එක එක හේතුවක් . අනිත් හේතුව  හිතේ තරහ .

පාර අයිනේ බේරේ වැව මැද්දේ  තියෙන තැනටත් ගියා . සෙරප්පු එහෙම ගලවලා මං එතනට වෙලා ඉදගෙන හිටියා, අනේ අරුන් දෙන්නා එතන ෆොටෝ ගන්නවා . බුදු පිළිම වලට වැදගෙනයි . වැව දිහා බලාගෙනයි එක විකාරයක්.

මං ඉතින් ඔතන තියෙන බුදු පිළිම දිහා බල බල එක වටේම ගියා. ඒ ගමන් එහා පැත්තේ ගග මද තියෙන මෙවුව එකේ ඉන්න කපල් දිහාත් බැලුවා . එතන වටේම තියල තියන බුදු පිළිම බස් එකේදී මං දැකල තියෙන්නේ සුදු පාටට. ඒත් ලගට ගියාමයි දැක්කේ ඒ සුදු වෙලා තියෙන්නේ ලස්සන තඹ පාට බුදු පිළිම ටිකක් කියලා. මං ඕවා බලාගෙන වටේම ඇවිදලා ඉස්සරහට එද්දී අරුන් දෙන්නා වැනි වැනි යනවා. මාත් ඉතින් එතනින් ආවා.


"මොනා හරි බොනවද " අරු අහනවා යන ගමන් .

මං උට හොරෙන් සොමවතිට බෑ බෑ කියල ඔලුව වැනුවා.

එකී බෑ කිවුවම " නෑ නෑ එන්න මොනා හරි බිලා යමු"

"අක්කේ මාව කොටුවට බස් එකට දානවද ? "

උට තේරුනා මට මල විකසිතයි කියල.

"හා හා එහෙනම් යන් "

අපිත් ඉතින් ගියා. අර කපල් කුඩ යටට වෙලා ඉන්න ඒරියා එක පහු වෙද්දී මම මනුස්ස කමට වගේ ඒ පැත්ත බලන් එහෙම ගියේ නෑ ඉතින් .

ඔහොම ඔහොමඅපි ඉදිරියටම ගියා

හත් දෙයියනේ . මල නොන්ඩියයි . මං එහෙමම නැවතුනා . ආයෙත් අනිත් පැත්ත හැරුනා . දිවුවා දිවිල්ලක් ආයේ නෑ පණ එපා කියල. අරුන් දෙන්නා බය වෙලා. මං පිටි පස්ස බලන්නේවත් නැතුව දිවුවා.

පන්සලට ගියාම සෙරෙප්පු දෙක උස්සන මේ කාලේ.  දාගෙන ආපු ලස්සන සෙරප්පු දෙක දාල එන්ඩ එහෙම පුලුවන්ද . 

~හාවි ~

Saturday, June 7, 2014

කෙල්ලන්ට විශේෂයි...හිත කියන්නේ කැඩපතක් නෙමෙයි..





කොල්ලො කෙල්ලො අතර ප්‍රශ්න ඇති වීමට බලපාන ප්‍රධාන කාරනයක් ගැන කතා කරන්න හිතුවා..එක මගේ අද්දැකීමෙන් දන්න දෙයක් එම නිසා කෙල්ලන් අනිවාර්යෙන් කියවන්න.


හිත් කියන්නේ කැඩපතක් නෙමෙයි..කියන්න තියන දේ කෙලින්ම කියන්න...


ආදරය කරද්දී සමහර ගෑණු ලමයි හිතාගෙන ඉන්නවා අපි දෙන්නම එක්කෙනෙක්..අනිත් කෙනා හිතන්න ඔනේ මං හිතන විදිහට කියනදේ.ආදරය සම්බන්ධයෙන් එවැනි අදහස් තිබීම මිථයාවක්.ආදරය කියන්නේ එයට නෙමෙයි.ආදරය කරන දෙන්නා ඇත්තටම වෙනස් විදිහට හිතන,වෙනස් විදිහේ හිතුම් පැතුම් තියන දෙවිධියක දෙදෙනෙක්.අපි හැමොම පුද්හලයන් වශයෙන් ස්වාධීඅයි.හැමවිටම 100%ක් අනිකාව තෙරුම් ගැනීමේ හැකීයාවක් කොල්ලන්ට නෑ..ගෑණු ළමයි බොහොවිට තමන්ගේ හිතේ තියන දෙය කොල්ලන්ට කියන්නේ නෑ"එයා මාව තෙරුම් ගනීවී ..එයා මට ඇත්තටම ආදරේ නම් එක වෙන්න ඔනේ"කෙල්ලො එහෙම හිතනවා එත් කොල්ලො තවමත් හිත් කියවීමේ මට්ටමට හිත දියුනු නොකර ඇති නිසා එවැනි අදහස් වලින් කොල්ලා වගෙම කෙල්ලත් දුකට පත් වෙනවා..එ නිසා යම් අදහසක් හො අකමැති හො කැමති දෙයක් ඇත්නම් එය තමන්ගේ පෙම්වතාට පැවසීම හිතේ තියාගෙන ඉන්නවට වඩ හොද දෙයක්.

ප්‍රේමය දෙදෙනෙක් අතර ඇතිවන අන්නොන්ය අවබොදයේ පතිඵලයක්.තමන්ගේ අධ‍යාත්මය නිසි අයුරින් අනිකා වෙත සන්නිවෙදනය කල යුතුයි.වැරදි සන්නිවෙදනය වැරදි අවබොධයක් ලබා දෙනවා.පෙම්වතියගේ වචන වලින් නොකියා ඉගි බිගි පෑමෙන් දෙයක් කීම නිසා අදාල දේ ඔහුට තේරුම් නොයාමට පුලුවන්.


"මට අර ඇදුම අරගෙන දෙන්න,මම එකට ආසයි "

නොකිවුවොත් පෙම්වතා එය අරගෙන නොදීමට තියන ඉඩ කඩ වැඩි.එහෙම වුනහම කෙල්ල හිතනවා"එයා මට ආදරේ නෑ"එහෙම නොවි තමන්ට කැමති දේ හිතෙන දෙය කෙලින්ම පැවසීමෙන් ඔහුට ඔබව ඇයව තෙරුම් ගැනීමේ හැකියාව වැඩි.ඔබ ඔබේ මවගෙන් යමක් කෙලින්ම ඉල්ලන්නේ ඇයි..?


එහෙනම් ඇය අම්මා ඇයට ඔබව හොදින් තෙරුම් යන්න ඔනේ.එහෙම නොවී කෙලින්ම ඉල්ලන්නේ ඇය ඔබගේ මව නිසා නෙද ඔබ දන්නවා ඇය කෙසෙ හො ඔබව සතුටු කරන බව එ වගෙමයි පෙම්වතා ඔබ දෙයක් ඉල්ලනකොට ඔහු එය කෙසේ හො ලබා දෙනවා එයින් ඔබ හැන ඔහුගේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා..එයින් ඔහුගේ ආදරය ඔබට පෙන්නාවි..ඔබ හොද පෙම්වතියක් වගේම යාළුවෙක් හියලා හිතාවි මොකද යාළුවා ඔන දේ කෙලින්ම ඉල්ලන නිසා..එම නිසා ඔබේ හිතේ ඉබේ හටගන්නා ආදරය සැබෑවක් කරගන්න හැම විටම හිතලා මතලා හොදින් සැලසුම් කරන්න..

හොදයි කියලා හිතෙනවා නම් ශෙයා කරන්න....හිතේන දේ දැන්වත් කියන්න මොකද එය හිතේ තියා ගත්තා කියා ඔබටත් ඔහුට හො කාටවත් වාසියක් නොසැලසෙන නිසා.


***ස්කූබි***

Sunday, June 1, 2014

චූ බරක තරම :3.



මේක ඉස්කොලෙදි මට වෙච්ච සිද්දියක්..මම පොඩි කොල්ලා කලේ සිදු කරපු තවත් එක නොහිබිනා ක්‍රියාවක් තමයි ඔන්න මේ කියන්න යන්නේ...මතක විදිහට මම ස්කොලේ හත වසරේ..එ දවස් වලා මම මීට වඩා ඇම්බැට්ටයා කියල තමයි මා ගැන දන්නො නම් කියන්නේ.එ වුනාට කොල්ලා දැන් හොදයි ඈ...හැමදාම වගේ පන්තියක් පටන් ගන්න කලින් ජො බීමේ පුරුද්දක් අපි හැමොටම තිබුනා ජො බොන්න කියලා මිස් එන්න කලින් එලියට පනින අපි ආයෙත් පන්තියට එන්නේ  පැය කාලකට විතර පස්සේ....ඔන්න ඉතින් දවසක් ඔය විදිහටම පන්තිය පටන් ගන්න කලින් පන්තියෙන් එළියට පැනපු ස්කූබියා බඩ පුල් ටැන්ක් වෙන්නම ජො බිවුවා....බිලා රොන්දයක් ගහලා එහෙම පන්තියෙන් ඇවිත් ඉදගත්තේ චු නොදා කියමුකො...ඔන්න ඉතින් එක පිරියඩ් එකක් ඉවර වෙලා දෙවනි පිරියඩ් එකත් පටන් ගත්තා...ඔන්න ඉතින් කොල්ලට දැන් දැන් මහ මෙරක් තරම් චූ බරක් දැනෙනවා වගේ..එත් මුකක් කරන්නද එතකොට තමයි මීටර් වුනේ අද යකො ඩබල් පිරියඩ් නෙද මේ තියෙන්නේ කියලා..හත්වලාමේ කොහොමද යකො මේ බර තවත් විනඩි 45 හිර කරගෙන ඉන්නේ...කොල්ලට ඇඩෙන්න වගේ එත් මුකද කරන්නේ..ඔන පුකක් වුනාවේ කියලා සද්දේ වහන් ඉන්නවා ඇරෙන්න..මිස්ට කියන්නත් බැ..කිවුවොත් කියයි වතුර බොන්නේ එ වගෙම ඉවසන්න පුරුදුවෙනවා කියලා...නිකන් නොන්ඩි වෙනවා විතරයි එ නිසා කොල්ලා කූම හරි ඉවසනවා කියලා පුරුස සත්තියත් හිතට අරගෙන අතිනුත් තද කරගෙන දාඩිය පෙරාගෙන බලා ගත්තු අත බලාගෙන ඉන්නවා..එ අතරේ අපේ එකෙකුට මගේ වෙනස තේරිලාද කොහෙද මගෙන් අහනවා....

එ ස්කූබි මොක බන්ස් දාඩිය දාගෙන..සනීප නැද්ද...?

නෑ  බන් පස්ට හුජ්ජ බරයි..ඉන්න බෑ..තව හිටියොත් බිජ්ජේ පොටත් යයි.......ඉවසන්න බෑ..අම්මේ.........

කියලා කට ගන්න හම්බුනේ නැ අරු මුළු පන්තියට ඇහෙන්න

මිස් ස්කූබියට ලැට් යන්න ඔනෙලු........


කියල කෑ ගහල පන්තිය දෙවනත් කරා..මුගේ අම්මව කොටියම කපිය පර බල්ලා හුජ්ජ බර නැත්තම් තොගේ බිජ්ජ කපනවා කියලා හිතපු මම මිස් දිහා බලලා අහින්සක විදිහට හිනා වුනා...............මෙන මුකක් කරන්නද....ඔන්න එතකොට මගේ දිහ බලලා ඔරවපු මිස

කොහේ යන්නද ඔන්න ඔහේ ඉන්නවා..රොන්දේ යන්න එවා කොහෙද මාත් එක්ක වතුර බොන්න ගිහින් පැයක් ගියා දැන් ලැට් යන්න චූ බර නම් පන්තියේ දානවා...........කියපු මිස ආයෙමත් එයාගේ වැඩ පටන් ගත්තා..අනේ අර ඉතින් කොල්ලගේ අරක පුපුරන්න වගේ ඔව ලොඩ් වෙලා..කුමක් කරන්නද..? පොත් බෑග් එකත් කකුල් දෙක උඩින් තියා ගත්තු මම ඩෙස් එකට ඔළුව ගහගෙන පිරියඩ් එක ඉවර වෙනකන් හිටියේ කොයි වෙලාවෙද චූ කරන්නේ බලාගෙන.........දැන්නම් අරක ඔයින් ටොයින් ගානවා ඔන්න එතකොටම බෙල් එක ගැහුවා..අම්බො දෙයියො බැලුවා වගේ ඔන්න මිසුන් යන්න ගියා...මමත් බොහොම අමාරුවෙන් නැගිටගෙන කකුල් උස්සන්න හැදුවට බෑ බෑ වගේ දැන් යයි දැන් යයි ගානටම ටියුන් වෙලා මොකො කරන්නේ..පිස්සු පොරමුලා වගේ දහතේ කල්පනා කරනකොට පන්තියේ තියන කබඩ් එක මගේ උකුසු නෙතට අහු වුනේ ගනදෙවි ණුවන පහල වෙමින්.....අමාරුවෙන් අඩි දෙකක් ගිය මම කබඩ් එකේ දොර ඇරලා බොහොම අමාරුවෙන් ගෑණු ලමයි 24 දෙනෙක් ඉස්සරහා ලොඩ් මැන්ස් වගේ මගේ එකාකාරී චූ කදම්බය කබඩ් එක ඇතුලට මුදා හැරියා..කොල්ලන් හූ කියද්දි කෙල්ලො කෑ ගහද්දි මගේ පොම්පෙන් නිදහස් වුන  වතුර මල කබඩ් එකේ හිඩස් අතරින් බිමට ගලගෙන ගියේ මහවැලිය ගලන්න වගේ...හරිම සැපයි.....වැඩේ ඉවර කරලා පිටි පස්ස බලනකොට ඇරුන කරවල් හා ලොකු වුන ඇස් 42කින් මගේ දිහා කන්න වගේ බ ලාගෙන ඉන්නවා..හික්ස් මම බය වෙයි...

මොනවද ස්කූබි ඔය කරපු කැත වැඩේ...ඉන්නවා මම මිස් එනකන් කියන්න.


මෙකිගේ අම්මට හචින් අරින්න දැකලත් නොදැක්කා වගේ අහන හැටි එ විතරක්ද මිස්ටත් කියනවලු

ඈ බොල තො දැක්කේ නැද්ද කරේ මොකක්ද කියලා..ලබ්බක් අහන්නේ

දැක්කා එත් පන්තිය ඇතුලේ

අනේ මේ උබ මගෙන් කුනුහරප අහ ගන්න එපා..තොට ඇහුනේ නැද්ද මිස් පන්තියේ හුජ්ජ කරන්න කිවුවා.....



ප.ලි

" පුරුසාදිපත්‍යට... ජයවේවා ඈ......!!!


***ස්කූබි***

Friday, May 30, 2014

කතා කරපු පුසා





මේක උනේ මිට අවුරුදු 10කත විතර කලින්. මං එතකොට 6 වසර හරි 
 7 වසර හරි. අපේ ලොකු අම්මගේ දුවෙක් ඉන්නවා. එතකොට එයාටත්
 ඇති 22ක් විතර. අපෝ ඒ දවස් වල  පුදුම බෝගන්විලා පිස්සුවක් එයාට 
තිබ්බේ.  උදේ ටයි හවස ගෙදර ආවාමයි අර මල් වලට දුන්න වදයක් වතුර
 දානවයි ඇට දානවයි (මල් වලට දාන ඒවා ඈ ) එක විකාරයයි.  ඔය බෝගන්විලා වලට 
හොදට අවුව ඔනෙලුනේ. ඒ කාලේ ඉතින් ඔය පෝච්චි
 තියන්න හොද තැනක් සෙට් උනා.  වෙන කොහෙවත් නෙවේ අපේ 
 ගෙදරට අලුතින් හදපු නානකාමරේ වහලෙ උඩ . ඉතින් අක්කත් එයාගේ
 මල්ලි අපේ අයියා එයාට කියල පෝච්චි ටිකට උසස්වීමක් දුන්නා. 
 දැන් අපේ නාන කාමරේත් හෙන ලස්සනයි . වහලෙ උඩ රෝස පාටින් 
රතු පාටින් සුදු පාටින් බැබලෙනවා.

දැන් අක්කත් උදේටයි හවසටයි හැමදාම අපේ නාන කාමරේ වහලෙ උඩ.
 එකට නගින්නම ඉණිමගක් එහෙමත් කොයි වෙලෙත් බැබලි බැබලි තිබ්බා.
දවසක් මටත් ඔය ලොකු අම්මගේ දුව ගැන හෙන අනුකම්පාවක් ඇති උනා,
අනේ පව්. හැමදාම හව ස මහන්සි වෙලා ඇවිත් වහලෙට නගිනවා. ලකුණු 
ටිකක් දාගත්තකිනේ. මං නොකා නොබී ඕක කල්පනා කළා. ඉතින් දවසක්
 ගේමට මාත් එන්ටර් උනා. ඉස්කෝලේ ගිහින් ඇවිත් කාලා බිලා එහෙම ඉණිමග ලගට ආවා. හයියෙන් අල්ලාගෙන හෙමින් හෙමින් වහලෙට නැගගත්තා.

හරිම ලස්සනයි. මල් වලට වතුර දාන්න යද්දී මතක් උනා , කෝ හෝස් 
බටේ . හත් දෙයියනේ එක බිම.

අනේ ඉතින් ආයේ ඉණිමග ලගට ආවා . කකුලක් තිබ්බා . ඉණිමග මෙන්න
 යකෝ හෙල්ලෙනවා.  මගේ කකුල් වයිබ්රේට් වෙනවා. තිබ්බ කකුල 
ආයේ ගත්තා, අනිත් කකුල තිබ්බා , ම්ම්ම්හ් ඒත් බෑ. කොහොමද දැන් 
බහින්නේ. වහලෙ එක පැත්තකින් ගෙදර කුස්සියේ වහලෙ. අනිත් 
පැත්තෙන් ළිද. ළිද වටේම කොන්ක්‍රීට්, අම්බෝ තාම බැදලත් නෑ මැරෙන්න
 බෑ. අනිත් පැත්ත ඊට වඩා පාතයි . ගල් පොලොව. ඉණිමග තියෙන 
පැත්තේ  වහලෙ උසටම තියෙන නාරං ගහ හිනා වේවි ඒ ලගම. 
පොඩි ඉඩක් තියෙනවා එතන වැලි  පොලොව.

මං ලෝක හතරක මෙවුවා වෙලා. ඉණිමග පෙරලුනොත් නාරං ගහේ ,  
කමක් නෑ මැරුණත් මං පනිනවා.
නාරං ගහ ලග තිබ්බ පොඩි ඉඩට මං පැන්නා . නාරං අත්තක් එහෙමත්
 කඩාගෙනම ඉන්දුනා  . හොද වෙලාවට මොලේ  බිම ඇනුනේ .
  ඕක ඉතින් ඉදගන්න හැම තිස්සෙම තැලෙන එකනේ . බලන්ඩ ලස්සනයි
 ඇත පුරාම නාරං කටු මෝස්‌තර.  මට ඉතුරු ටික කියන්ඩ ලැජ්ජයි .

පස්ස මගේ  පුපුරු  ගහයි
අමුතු සීතලක්     දැනුනයි
නාරං කටු මං       ගලවයි
එහෙමම ඉදගෙන හිටියයි

නැගිට ගන්න බැරි වෙද්දී
ඇහුනු දේට   කන් දෙද්දී
දැක්කේ    එහෙමම ඉද්දි
පූසෙක්   මට හිනැහෙද්දී

මොනවද   තෝ කියවන්නේ
ඇයි තෝ මට හිනැහෙන්නේ
ඌ හිනාව          නවතන්නේ
කිවුව දේට       මට ඇඩුනේ

හිනා නොවී    කෝම ඉන්ට   
දකිද්දී බෑ        උහුලන්නට
වහල තිබ්බ   මගේ බෙට්ට  
උඩ ඉදගෙන උබ   අගේට


***හාවි***



Wednesday, May 28, 2014

කලාවට තොලක් දාමුද...? එහෙනම් කියවන්න




ආපු ගමන් බැලුවේ මොකක්ද යකො මේ මූ නටන්න හදන නාඩගම කියලා නෙහේ...මේ කියන්න යන්නේ නම් ලැජ්ජා නැති කතාවක් එත් කමක් නෑ නොදන්න එවුන්ට දැන ගන්නයි දන්න එවුන්නට මතක් කරන්නයි ඔනේ එකක් කියලා කියලා දාන්නම්...ටයිටල් එකේ හැටියට කිවුවොත් තොලක් දාන්න නැත්තම් කඩ්ඩෙන් සබ්ය විදිහට කිවුවොත් ලිප් කිස්ලු ඈ...මොක උනත් ඔක කරන හැටි ගැන පොඩි දැනුවත් කිරිමක් කරන්නයි මේ ආවේ...දැන් ඔන් බොලා මා ගැන වැරදියට එහෙම හිතනවා නෙමෙයි මූ හෙන පොරද අපිට මෙවුව කියන්න අරකද මෙකද කියලා...අනෙ එහෙම නෑ මම හෙන සිල්වත් කොල්ලා කෙල්ලො ඔක්කොම මගේ සහොදරියො එහෙම එකේ මට ඔවුවා කැප නෑ....එක නිසා මම ඔවුවට නෑ.....මේ හුදෙක් උබලාගේ දැන ගැනීම පිණිසයි....

…"ආදරේදි හාදුවක් තරම් ලොකෙම නෑ උතුම් තව දෙයක්"........කියලත් කවුද කියනවාලු....කොහොම හරි ආදරේ කරන දෙන්නෙකුට පොදු හා නැතුවම බැරි දෙයක්නේ ඔය කිස් එක...ඔකමනේ ගොඩක් එවුන් හැම වෙලෙම ඉල්ලන්නේ...වෙන එවුවා ඉල්ලන්ට බැරි නිසා වෙන්ටෑ...කොහොම හරි ඔක නිසා සමහරුන්ගේ ආදරේ වැඩි වෙනවා...සමහරුන්ගේ කෑදරේ වැඩි වෙනවා....එහෙම එවුන් නම් මෙක කියවන්න එපා....මොකද උන් ඊට පස්සේ මෙවුවා බලලා තවත් එක්ස්පට්ලා වෙලා...මෙවුවා කියපු අපිටත් බැනුම් අහන්න වෙනවා...බැක්ටු ස්ටොරි....කිස් එකක් කියන්නේ තමන්ගේ තියන ආදරේ අනිකාට පෙන්නන්න පුලුවන් හොදම විදිහ සමාන්යෙන් අපි කෙල කියන ජාතියට අප්පිරිය කරනවා...නමුත තමන්ගේ ආදර වන්තියගේ ආදර වන්තයාගේ එහෙම දෙයක් නෑ දෙන්නම එකයි වගේ දෙයක්...සහ තමාගේ ඇති ලැදිකම පෙන්නන්න පුලුවන් ක්‍රමයක් තමයි ඔය කියන කිස් එක...ආ අනිත් එක මම මෙකෙන් ගොඩක් පොයින්ට් කරන්නේ කොල්ලො ඈ...කියන්න අමතක උනා....එහෙනම් එකත් හරි අයෙත් කතාවට...එත් ගොඩක් වෙලාවට කොල්ලොන්ගේ පලවෙනි අවස්තාවෙදි එ කොල්ලා අපහසුතාවයට පත් වෙන්න පුලුවන් එ කොහොමද අපි හිතමු කොල්ලට කලින් කෙල්ලෙක් නොහිටියට කෙල්ලට කලින් කොල්ලෙක් හිටියා කියලා....එකි පනින්න ඔනේ කොටු තිස් දෙකම ඌත් එක්ක පැනලා හොදට හන්ටර් උන එකියක් නම් කොල්ලට හොම්බෙන් යන්න වෙනවා..මොකද එකිට කෙල්ල එක්ක හැරෙන්නවත් බැරි වෙනවා...හරියට මට උනා වගේ....මගේ පලවෙනි පාරදි මම නොසෑහෙන්න නොන්ඩි උනා...කොච්චරද කිවුවොත් කෙල්ල එක මගේ මුනටම කිවුවා....මට බඩ කාපාගෙන පොලොවේ වැලලෙන්න හිතුනා...එත් ඉතින් කොල්ලත් පස්සේ ඉගෙන ගත්තා කියමුකො ඈ.......ඉතින් මට උන අවනම්බුවෙන් උබලාව බේරන්නයි මගේ මේ වෑයම....

දැනපි බලමු මොනවද මේ කිස් වර්ග් කියලා...කිස් කිවුවට කිස් වර්ගත් ගොඩක් තියනවා මේ වගේ....



  • French Kiss 
  • Butterfly Kiss 
  • Single-Lip Kiss 
  • Spiderman Kiss 
  • Lip Gloss Kiss 
  • Eskimo Kiss 
  • Cheek Kiss 
  • Hickey Secret 
  • Message Kiss


ඔය ඔක්කොම අතරින් අපේ එවුන් කරන්නේ එකයි.එ පලවෙනි එක එ කියන්නේ French කිස් එක ඔකෙන් තමයි අර කට ඇතුලට දිව දාගෙන සෙල්ලම් දාන්න...එක රොමෑන්ටික් වැඩි නිසා ගොඩකය කරන්න දන්නෙත් කරන්නෙත් එක විතරයි...එක කරන්න හැටි පුළුවන් උනොත් කියලා දෙන්නම්..ඊට කලින් වැදගත් කියලා හිතෙන පොඩි පොඩි ටිප් ටිකක් දෙන්නම්...හරියට කිස් කරන්න නම් එවුවත් සපුරලා ඉන්න ඔනේ...අපි ආවට ගියාට කරාට හරියට දැනෙන්න නම් අපි කරන එ පොඩි පොඩි දෙවල්ගොඩක් වැදගත්  වෙනවා...   

සමාන්යෙන් කෙල්ලො කියන්නේඋපතින්ම ලැජ්ජකාර ජාතියක්...සමහරු මිනිස්සු ඉන්න තැන අතිවත් අල්ලනවට කැමති නෑ...සමහරු නම් එහෙම නෑ මොක උනත් සිප ගැනිමකට කලින් නිදහස් තැනක් හොයා ගන්න පුලුවන් නම් වඩා හොදයි මිනිස්සු හිටියට කමක් නෑ...එත් නිදහස් හරියට විහාර මහා දේවි පාක් එක වගේ....දැන් අහන්න එපා උබ කොහොමද එක දන්නේ කියලා...මම කොහොම හරි දන්නවා ඈ..සිප ගැනිමකට කලින් කරන්න ඔනේ පලවෙනිම හා වදගත්මදේ....දත් මැදපන්...කට ගඳයි නම් කිස් නෙමෙයි බොට කෙල්ලත් නැති වෙයි....පුලුවන් නම් චුයිනග්ම් එකකුත් කාලා ඉදපන් එක ගොඩක් හොදයි....ඊට සිප ගැනිමට කලින් මොනවා හරි දෙයක් ගැන කතා කරන්න..කොටියා වගේඑක පාරට කඩා පනින්න එපා..හිමින් සැරේ කලබලයක් නෑ ...හිමින් හිමින් වේලාව අරගෙන එයාට ලන් වෙන්න...මුලින්ම එයාගේ නලල ඉබින්න පස්සේ කම්බුල...එයාට ඔයාගේ ලගට එන්න දෙන්න..හිමින් සැරේ එයාගේ බෙල්ලේ පිටි පස්සෙන් අත තියා ගන්න අනිත් අටහ එයාගේ ඉන වටේ දාගන්න...එයාට ඈත් වෙන්න දෙන්න එපා...ඔයා තමයි එයාව පොලබවන්න ඔනේ...අර බෙල්ලේ පිටි පස්සේ තියන අතින් එයාව ඔයාගේ මුනට හෙමින් ලන් කර ගන්න හිමින් ඉස්සලා කිවුවා වගේ එක පාරට කරන්න ගිහිල්ලා වැඩේ දෙල් කර ගන්න එපා...හිමින් හිමින් කලබල නැතුව.........හිමින් සරේ ඔයාගේ ඔලුව පොඩ්ඩක් දකුනට ඇල කරන්න...

දැන් හිමිහිට එයාගේ ඇස් දෙක දිහා බලන්න..අනිවා ඩෙෆා එයාගේ ඇස් පියවිලා...දැන් තමා චාන්ස් එක... දැන් උබත් උබේ ඇස්දෙක වහ ගනින්...නැත්තම් බැරි වෙලාවත් එ කෙල්ල ඇස් අරියොත් උබ ඇස් ලොකු කරගෙන ගොරක යකා වගේ ඉන්නවට කෙල්ල අකමැති වෙන්න පුලුවන් නැත්තම් ලැජ්ජා හිතෙයි...දැන් ඔයාගේ තොල් එයාගේ තොල් එක්ක සෙට් වෙනකන් ඔළුව ලං කරන්න මග නවත්ත ගන්න එපා....මුලින්ම තොල් දෙකම සිප ගන්න..ඊට පස්සේ උඩ තොල පොඩ්ඩක් ඊට පස්සේ යටි තොල..හිමිට හැපුවත් කමක් නෑ බොහොම හිමින් වැදගත් විදිහට..ඔය අතර ඔයාගේ ඔලුව එක එක විදිහට හදා ගන්න ට්‍රයි කරන්න..පස්සේ ඔක කරන ගමන් ඔයාගේ දිව එයාගේ කට ඇතුලට දාන්න..එයා දත් ලංකරගෙන හිටියොත් දත් වලට පිටින් විදුලු මහා ඔයාගේ දිවෙන් පිරිමදින්...සමහර විට එතකොට එයා කට අරි නැත්තම් සිප ගන්න එක නවත්තලා එයාට එක කියන්න....ඊට පස්සේ ඔයාගේ දිව එයාගේ කට අදුලට දාලා එයාගේ දිව එක්ක පටලවන්න...කබර ගොයා වගේ කෙල්ලගේ උගුරටම දිව දාන්න එපා..ඔයාට පුලුවන් තරමට එයාගේ කටේ හැම තැනටම දිව ගෙනියන්න... සමහර විට එයා එයාගේ දිවත් ඔයාගේ කට ඇතුලට එවයි එක ඔයාගේ කටින් අල්ල ගන්න අල්ලගෙන උරන්න අත අරින්න එපා...එයාගේ දිව එක්ක ඔයාගේ දිවෙන් සෙල්ලම් කරන්න ඔය අතරේ දිව විතරක් නෙමෙයි ඔයාගේ අත් ඉදන් වැඩ කරන්න ඔනේ...එයාගේ කොන්ඩේ අත ගාන්න පිට අත ගාන්න..මම දන්න විදිහට එක මාර ෆිලින්ග්...එහෙම නැතුව මල මිනිය වගේ ඉන්න එපා...එයාට දැනෙන්න හුස්ම ගන්න හුස්ම පිට කරන්න එක හොඩක් වැදගත් එකත් ලතාවට ඇදුම රොගියෙක් වගේ හොස් හොස් ගාල කරන්න එපා...කලබල වෙන්නත් එපා බය වෙන්නත් එපා..හිමිට ඔයාට කකුල් වාරු නෑ වගේ කියලා හිතුනොත් ටක් ගාල අත රින්න..නැත්තම් දෙන්නම වැටෙන්න පුලුවන්...එහෙම ශුවර් එකක් නැත්තම් මොකකට හරි හෙත්තු වෙන්න එක වඩා හොදයි.....ඔය අතරේ මම කිවුවා වගේ අත් නම් අනිවා වැඩ කරන්න ඔනේ එයාගේ මුනෙන් අල්ල ගන්න...කොන්ඩේ අත ගාන්න...අතට අහුවෙන මොක හරි කරපල්ලා..අනම් මනන් අල්ලලා වැඩේ දෙල් නොවෙන්න...අනිත් එක විනාඩියකට වඩා කට කන්න යන්න එපා..එක බොරින් වෙයි...එක නවත්තන්න හිමිට එයාගේ බෙල්ල කිස් කරන්න ගන්න කන් පෙත කන ඇතුලට දිව දාන්න...එක නම් මරු ආතල් ඈ..කෙරලා නැති එවුන් කෙල්ලට කියලා කරගෙන බලාපල්ලා...

අදට ඇති වගේ...කිස් එක තවත් රසවත් කර ගන්න ඔනේ නම් කිස් කරන අතරේ කටේ චොකලට් කෑල්ලක් ටොපියක් තිබ්බට නරකක් වෙන්නේ නම් නෑ...මම දන්නවා බහුතරයක් මෙවා දන්නවා එත් නොදන්න එකෙක් හරි ඇති කියලා හිතාගෙන දැම්මේ..වැරදි දෙයක් කියලා නම් මට සමාවියල්ලා....මේ යට තියන විඩියො එක බලපල්ලා තවත් තෙරුම් ගන්න පුලුවන් මම මේ කියපු බයිලා...තව මෙතනින් පලයන්..තනියම කිස් කරන්න සිස්ටම් එකකුත් තියනවා...එකෙන්වත් ඉගෙන ගන්න ට්‍රයි කරපල්ලා අදට නවතින්නම්......






***ස්කූබි***


Friday, May 23, 2014

ඒ පැදුරක් ගෙනාවද දවල්ට ගැහුවොත් නිදාගන්න.





අපි දෙන්නගේ බ්ලොග් එක ලියන්න ගත්ත එක නිකන් මට කසාද බැන්දා වගේ, නිකන් පොඩි එකෙක් හම්බුනා වගේ. මට කොහොමත් තනියම කියෝන පිස්සුව තියෙනවනේ, මෙහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යද්දී මාර ජොලි. මං මාවම බයිට් කරගන්නවද මන්දා , නෑ නෑ මං මේ කියන්නේ මට උණු පිස්සු වැඩ ගැන.

 මං පොඩි කාලෙ ඉදන් ටියුෂන් පන්ති ගියෙ අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් ලගට. ගෙවල් ලග කිවුවට මීටර් 300ක් විතර එහා. ජයන්ති !! අපි අක්ක කියන්නෙ ඉතින් පුරුද්දට. එයා කොළඹ පැත්තේ ඉස්කෝලෙක කොමස් ටීචර් කෙනෙක් . ඒ උනාට එක වසරේ ඉදන් 8 වසර වෙනකන්ම ළමයිට ගෙදර සිංහල ගණන් උගන්නනව . මේ පැත්තේම කොමස් වලට ළමයි ඔක්කොම ක්ලාස් එන්නේ එයා ලගට. institute එකයි දෙකයි තුනකම කොමස් උගන්නනව. ඒ මදිවට ගෙදරත් උගන්නනව. පොඩි උන්ටත් උගන්නනව. අම්මල තාත්තලට උගන්නන් නෑ . මමත් පොඩි කාලේ ඉදන්ම ගියේ එයා ලගට.9, 10, 11 වසර ළමයිට නං එයා උගන්නන්න සර් කෙනෙක් ගෙන්නනව. මං කලින් එකේ කිවුවනේ අපේ අක්කල හැට හුටාමාරක්ම මට කලින් ඉගෙන ගත්ත හින්ද මට නිකන්ම ඉස්කෝලෙයි පන්ති වලයි ප්ලේස් එකක් තිබුන, ආ මේ අරගොල්ලන්ගේ නංගිනේ කියල ,මල් මාල දාල පාවඩ දාල පිළිගත්තෙ ඒකාලෙ පුතේ ඒ ටීචර්ට හිටියා පොඩි උන් දෙන්නෙක්, හිටිය කිවුවට තාම ඉන්නව, මට හෙන ලව්. මාත් හෙන ආසයි. හෙන හුරතල් . සුකුමාලයි . මම ඉතින් අල්ලපු වැටේ හින්දා මට කිවුව දවසක් පොතක් දීලා මේ දෙන්නට මේක කරවන්න නිකන් ඉන්න වෙලාවට ඇවිත් . ඒ කියන්නේ ටීචර්ගෙ ළමයිගෙ ගුරා . ඕක තමා ඉතින් පටන් ගැන්ම. පස්සේ මං 8. 9 වසර ඉද්දි පොඩි අයට උගන්නන්න එන්න කියල ක්ලාස් එකට එහෙම ගෙන්න ගත්ත. පස්සේ පස්සේ කලින් එපොයිමන්ට් එකක් දාන්න උනා ටීචර්ට.


 මොකද පොල්ලෙන් ගහන්න එක  වගේ එන්න කියනකොට මං ගෙදර හැංගිලා හිටිය වාර අනන්තයි . බයට නෙවෙයි වෙන මෙවුව එකකට. එයාගේ අර කොමස් පන්ති තියෙන්නේ අන්න එවල හැම අවුරුද්දෙම අන්තිමට ඕලෙවල් වගේ පේපර් එකක් දෙනවා . ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙද්දී . අම්බෝ ඕලෙවල් තව හොදයි මේකනේ විභාගේ. ඔය විභාග දවස් වලට මං තමා ඉතින් සාලා වල බාරකාරයා. අවුරුද්ද අන්තිමට අර institute 3ම 10 වසර 11 වසර විභාග තිබ්බ. පන්ති 6ක් නෙ ඉතිං දවස් 6ක් .මාත් නැට්ට වගේ යන්න ඕනෙ ටීචර් එක්ක .එක පන්තියක 80ක් වගේ ඇති ළමයි .කෙල්ලෝ නං යකාට ගියාවෙකො . කොල්ලෝ 50ක් බලාගන්නවා කියන්නෙ . සෙල්ලන්ද නෙහ් , හම්මේ කාව තෝරගන්නද හිතාගන්න බෑ. ඒ කාලෙ මං 8 වසර සුකුමාල අහිංසක කෙලි පොඩිත්තක් . ඒගොල්ලෝ 10 11 වසර අයියල. (ඒ පන්ති වල අයියලා නොදකිත්වා ) කොහොම හරි ඔය විභාග පේපර් බලන්නෙත් මං. අක්කා උත්තර ලියල ලකුණු දාන්න ඕනේ විදියත් එක්ක ලියලා රවුම් කරල ලස්සනට දෙනවා ඔලුව එහෙම අතගාල. අනේ අහිංසක මං ඉතින් ගොන්නු බදින කනුවනෙ , රෑ එලි වෙනකන් පේපර් මාකින් , ඔය සෙල්ලම මමත් ඕලෙවල් වයසට එනකන්ම කළා. මාත් ඉතින් ඔය විබාගෙට මුණ දුන්නනේ 10දි 11දි .අනේ මගේ පේපර් එක විතරක් කපල කොටලා අක්කා බැලුවා හෙනම කෘර විදියට. මං නහයෙන් අඩ අඩ බලන් හිටිය .කියන්ඩ සන්තෝසයි මගේ අවුරුදු දෙකම මම පන්තියේ පළවෙනිය.එක ඉතිං මගේ හැකියාව එක වෙනම කතාවක් . මොනා උනත් ඒ ටීචර්ට අදටත් මං හෙන ආදරෙයි. මොකද උගන්නන එක උගන්නව ආයේ නෑ මාරු. (මේක කිවුවේ ඇත්තට ඈ ) අපි ක්ලාස් ගිය institute එකේ විතරක් ඔය අවුරුදු ගානම කාඩ් මාක් කලේ ෆීස් ගත්තේ ඒවා මෙවුව කලේ මම, (අනේ ඉතින් අහිංසක මට තිබ්බ කාඩ් ගොඩ. එකක් කියන්ඩද , "මාටියා" ඔය ඇති ) ඔය වැඩේට මට තිබ්බ වෙනම රාජකීය ආසනයක්, අනේ ඉතින් ඒ උනාට මට එතන පාඩුවෙ ඉන්නත් නෑ කාඩ් මාක් කර කර , අක්කා ටීචර් ක්ලාස් යන්නෙ මං එක්ක . මං අර වැඩ ටික කරනකන් එයත් එතන මගෙ ඉස්සරහට වෙලා ඉදගෙන ඉන්නව . පරිස්සම් කරන්ඩ එපයි උන්ව මගෙන්. ගෙදර යද්දිත් මාව අරලවනවා පරිස්සමින්. 


අපේ ඉස්කෝලේ සෙට් එකක් හිටියා , 10 දෙනෙක් විතර. ක්ලාස් එකෙත් අපි සෙට් එක හිටියෙ . දුකට සැපට රාණිලා , සොමවතිලා , ඇලිස් අක්කලා. ඔක්කොම අපේ අය තමා. ඔය පන්තිය තියෙනවනෙ එකේ බංකු 3ක් තිබ්බා .අපේ ප්ලේස් එක . හරියටම දොර කෙලින් තියෙන බංකු තුන . ක්ලාස් එකේ හුළං වදින තැන තමයි එක . කොච්චර ඉඩ නැතත් ඔය බංකු තුනට අත තියන්න එකෙක් එන් නෑ, ඇහැක් ඇරලා බලන්න ම්ම්හ් එකෙක් වත් නෑ. (කෙල්ලොන්ගේ පැත්තේ ඈ) ආවොත් නැගිටලා යනකන්ම බයිට් එකට ගන්නව . අනිත් උන් යකාට ගියාවේ, අපි අපේ ප්ලේස් එකේ රජ කරන් අපේ ආධිපත්‍ය පතුරවන් හිටියෙ . අපි හිටියෙ ඉස්සරහ පේලියේ නොවුනට පන්තියේ හොදටම ඉගෙන ගත්ත සෙට් එක වගේම ඉතුරු එක කියන්ඩ මට ලැජ්ජයි . කිකිලියෝ කියමුකො. දසයෝ කිවුවත් අවුලක් නෑ . තව අනේ මන්ද ඔක්කොම උන් අපි (කෙල්ලන්ගෙන් විතරයි ) අපිට accounts වලදි ගානක් දුන්නොත් ඉස්සෙල්ලම හදන තුන් දෙනාගේ පොත් තමා බලන්නෙ . මාත් එක්ක ඇටෑක් එකට තව කොල්ලෝ දෙන්නෙක් හිටිය, අපි තුන් දෙනා තමා තරගෙට හදන්නේ . (ගණන් ඈ ) හැබැයි ඒ අපෙ යාළුවො. අපි හැමෝටම විහිළු කරන කොල්ලෙක්ගෙ නමක් තිබ්බා. කොල්ලො ඇරෙන්න වෙන වෙන කාඩ් එහෙමත් තිබ්බ ඉතින් ඒකත් වෙනම කතාවක්. ඕවලින් වැඩිම කාඩ් ප්ප්‍රමාණෙකට හිමිකම් කිවුවෙත් මං එක තවත් කතාවක්. හැබැයි ඒ විහිළු කවදාවත් යාලු කම් වලින්, විහිළු වලින් එපිට ගියේ නෑ .කොච්චර දග උනත් අපි ට ලව් සික් එක නෑ. අපේ එකා එකා අතරෙත් තිබ්බෙ ඉගෙන ගන්න තරගේ. දෙන්නෙක් ගේ ඇරෙන්න. ඔය ක්ලාස් එකේ කොල්ලෙක් හිටියා සෝමපාල කියන්නං හරිද, සෝමපාලගෙ නම කියල තමා මට විහිලු කලේ. ඒත් අපෙ යාලුවෙක්. අනිත් අයටත් එක එක නම් කිවුව . අපි සෙට් එකෙන් ෆෝන් තිබ්බේ මටයි තව එක්කෙනෙක්ටයි. කාගේත් හුරතල් ෆෝන් දෙක උනේ ඉතින් ඔය දෙක තමා. කොච්චර යාළුවො හිටියත් මං හෙන කේන්තියි ඒ කාලේ ඉදන් ලව් මාන්දම ඔලුවට ගහනවට . අපේ සෙට් එකේ දෙන්නෙක්ටම ඕක තිබ්බ, දෙන්නගෙන් එකෙක් ට ෆෝන් එකක් තියනවා, අනිත් ඒකීට නෑ. මගේ ෆෝන් එකෙන් තමා මල් කඩන්නෙ.අපි සෙට් එක කතා වෙලා ඒ එෆෙයාර් එකට ගේම දුන්නා. මං ලගනේ ෆෝන් එක තියෙන්නේ . ඉතින් එයා වගේ අපි මු එක්ක මැසේජ් කරලා යාලුවව එපාම කෙරෙවුවා. කොහොම හරි අපිට එයාව හදන්න බැරි උනා . දැන් නම් බැදල දැන් නෙවේ බැන්දෙ අවුරුදු 19න්ද කොහෙද. මොන මගුලක්ද, බැක් ටු ඉස්ටෝරි , අපි ඕලෙවල් දවස් වල යුද්දෙ එහෙම තිබ්බ, 2008 . ඉතිං දවසක් රෑ තමයි රෑ . , මමයි අක්කයි අපේ කාමරේ නිදි .තාත්තා එහා කාමරේ නිදි .එදා තාත්තා පොඩ්ඩක් අර සැර තේ ටිකක් එහෙම බිලා හිටියේ. මගේ තාත්තගේ එක හොදක් තිබ්බ කවදාවත් එක යාළුවෙක්ව වත් ගෙදරට ගෙනත් බිල නෑ . ගෙදර ඇවිත් කාලා තනියම චුට්ටක් බිල පාඩුවේ නිදාගන්නවා . ඒත් හැමදාම නෑ.හ්ම්ම් හ්ම්ම්ම්ම්ම් 



එක පාරටම එදා රෑ තාත්තට කෝල් එකක් ආව, තාත්තා අපිට කතා කරලා කිවුවා 

 "පුතේ ඇදෙන් බැහැලා බිම නිදාගන්න" කියල. 


මොකක්ද කෑම්ප් එකක තාත්ත අදුරන ලොක්කෙක් කෝල් කරල තියෙන්නෙ .අපේ පැත්තේ තියෙන ගෑස් මෙවුව එකට කොටි ගහන්න හදනවා කියල හෙන හුට්ටප්පරයක් කියල 

කොටි ගැහුවොත් ගෑස් එකට 
පැත්තම සුන් අපෙ කරුමෙට
පැදුරෙ නිදාගනින් හොදට 
හානිය අවමයි එතකොට

 අනේ දෙයියනේ අක්කයි මමයි සීට් එකක් එලාගෙන බිම ගුලි වෙලා නිදාගත්තා. අනේ මගේ මනුස්සකමක මහත !!! මගේ අසරණ යාළුවො. උන්ගෙන් තොර ලොවක් කොයින්ද. අනේ මල ගෙවල් කීයක්ද බෑ බෑ විභාගේ උගුර ලග . ඔක්කොම උන්ට මැසේජ් යැවුවා . ඉස්කෝලෙ යාළුවො!!!! අනේ උන්ට ෆෝන් නෑ කියල මැරෙන්න දෙන්න පුලුවන්ද එහෙම. හැමෝගෙම මොකක් හරි contact නම්බර් එකක් on the spot . අරයගෙ අක්කගෙ ෆෝන් එක. අරයගෙ තාත්තගෙ , අරයගෙ අයියා. මෙයාගේ ලඩකාබෙල් සී ඩි ඇම් ඒ . සෝමපාල . එතකොට අර අනිත් දෙන්න උනුත් ඇතුලත්. මොකද උන් හිටියේ ඒ කිට්ටුවමයි.ඔක්කොම මගේ යාළුවො. මරණය අභියසද අපි මේ ඉන්නේ. ජිවිතෙන් සමු ගන්න වෙයිද කියල හිත හිත අපි නිදාගත්තෙ . හම්මේ මගේ මැසේජ් එක


 " me ara *****. ekata koti gahanna yanawalu. bima nidaganna. nt a joke.**** eke ekkenek kiwuwe " 


අනේ පහුවදා වෙද්දී වෙලා තිබ්බ දෙයක්. වෙනද වගේම ඉර පායලා හරිම ලස්සනයි. ගස් වල මල් පිපිලා කුරුල්ලෝ කුන්චනාද කරනවා. මට සුපුරුදු බඩේ අමාරුවත් ආවා. ඉස්කෝලේ යන්න බෑ අනේ මගේ බඩ . මං මැරෙයි . අනේ අම්මේ .අනේ තාත්තේ . අනේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ මං මැරෙන්න යන්නෙ . මං ජිවිතෙන් සමුගන්න කලින් එකම ඉල්ලීමක් කරන්නම් අද ඉස්කෝලේ යන්න බෑ . ම්ම්හ් ..... මොන යන්නම උනා . ඔව් මං හරිම නිර්භීත විදියට ඔලුව සාක්කුවේ දාගෙන ඉස්කෝලෙත් ගියා. . මගේ පන්තිය මා එනතුරු මග බලමින් . කට කතා යන්න දෙයක් තිබ්බේ නෑ ඉතින් මම ම හැමෝටම පණිවිඩේ දීලනෙ තිබ්බේ . අනේ මට හැදුන කාඩ් ගැන කියන්න ඕනෙද. එපා එපා.

 "ඒ මේ කොන්ද රිදෙනවද බිම නිදාගෙන "


 "yko අපි ඒ වෙලේ හොදටමනිදි. " 


 "ඒ සෝමාවතී (මගේ නම හොදේ ) පැදුර ලොකුද "


 " ඒ ගෑස් එකට තාම ගහනවද දන් නෑ නෙහ් "


 "ඒ පැදුරක් ගෙනාවද දවල්ට ගැහුවොත් බිම නිදාගන්න "


 "ඒ දෝදු හූ "


 "හොද වැඩේ අපිව බයිට් කරනවට දෙන්නම්කො දැන් "


 "ඒ ඉරිදා ක්ලාස් එනවද "


 "අපරාදේ අපි ඇදේ කකුල් හිටං කැපුවා"


 "ඒ ඇති ඇති ඉරිදටත් ටිකක් තියාගමු " 


අඩන්නද හිනා වෙන්නද මුන්ගේ ආච්චිට ,,,, හොදක් කරලත් . අපරාදේ මගේ රුපියල් පනහක් විතර . ඉරිදා ක්ලාස් ගියා අයියෝ ඒ පන්තියේ කොහොම හිටපු එකාද මං. වැඩිය ඕන් නෑ අපේ ටීචර් අක්කා මං එයාටත් මැසේජ් එකක් දැම්මා බිම නිදාගන්න කියල !!!! 

ක්ලාස් එකේ උන ඒවා අපි කතා නොකර ඉමු . මෙවන් විපතක් නවනින්ගිරාවක් අවනම්බුවක් සතුරෙකුටත් නොම වේවා!!!!!!!! බලන්ඩකො මගේ සමරු පොතේ තිබ්බ මතක සටහනක් . ආසාවේ බෑ.




 ප. ලි . : නම් ගම මනගම්කල්පිතයි 

ප. ප. ලි : ස්කුබි මං කියන සමහර ඒවා විහිලු. මුන් දැන් මට පද හදයි 
. "නොදුටු සේම නෙතු පියාන ඉන්න ස්වාමිනේ "

දෛවයේ සරදමක්





අපේ අක්කගෙයි මගෙයි පුරුද්දක් තිබුනා අපි මොන දේ උනත් ගෙදර ආවම දෙන්න කතා කරනවා . මට වෙන දේවල් මං එයාට කියනවා එයාට වෙන දේවල් මට කියනවා. කොටින්ම  අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි . පහු පහු වෙද්දී උන දේවල් මං පස්සේ කියන්නම්. එයා කාලයක් පෞද්ගලික ආයතනයක වැඩ කළා. එතන හිටිය අක්ක කෙනෙක්. එයාගේ නම දිල්කි. අක්ක කිවුව විදියට නම් එයා එතන වැඩ කරන්න අරන් අවුරුදු දෙකක්ලු. මම මේ කියන්න යන්නේ එයාගේ කතාව.  හරියටම කියනවනම් එයාගේ ජිවිත අත්දැකීමක් . ඒ අක්කගේ වචනෙන්ම කියනවනම් මේකයි කතාව.

"අපෙ නැන්ද කෙනෙක්ගේ ගෙදර මළගෙයක් තිබුනා. ඉතින් ඕකට මමත් ගිහින් එහෙ ටික දවසක් හිටියා. නැන්ද මට හරි ආදරෙයි. මං එහෙ හිටපු දවස් වල එහෙ ඇවිත් හිටියා මාමගේ පැත්තෙන් නෑදෑ වෙන තව ගෑනු ළමයෙක්.රුවනි ! කෙල්ලෙක් ඉතින් කොහෙවත් ගිහින් තනියට එකෙක් හොයාගන්නවනේ ඒ වගේ මම හිටියෙත් රුවනි  එක්ක .මං දැක්කා නිතරම අපි දිහා බලන ඇස් දෙකක් .  ටිකක් කළු උස පිරිමි ළමයෙක්  "

තව කෙල්ලෙක් ගැන කියද්දී සාමන්යෙන් කෙල්ලෙක් ගේ හිතට එන ප්‍රශ්නයක් තියෙනවා . මමත් සාමාන්‍ය කෙල්ලෙක් . ඉතින් මමත් අපේ අක්කාගෙන් ඕක ඇහුවා.  "ඩිල්කි ලස්සනයිද? "

"විශේෂ ලස්සනක් නෑ හලෝ. කැතත් නෑ. සුදුම නෑ කළුත් නෑ.   මගේ උස වගේ ඇති . කොන්ඩේ දිගයි ,කොන්ඩේ නම් මරු. කර්ල් කොන්ඩේ. හොදයි අවුලක් නෑ "

(අපේ අක්කගේ උස කිවුවොත් ඉතින් බටු  ඇටයක් . අඩි  පහයි, මං නම් ඊට වඩා අගල් දෙක තුනක් උසයි )

"හරි හරි උස කොල්ලෙක්  . ඉතින්?  කොල්ල ලස්සනයිද ?" මං ඇහුවේ අයිය ගැන. මොකද මමත් සාමාන්‍ය කෙල්ලෙක්නේ.

"ඇයි මොකටද? "

එතනින් එහා වැඩක් නෑ , ඩිල්කි අක්කගේ කතාව අහන්නකො.

"නුවන් එයාගේ නම, එයාගේ ඇස් දෙක නැවතිලා තියෙන්නේ  මාත් එක්ක හිටපු රුවනි අක්කට කියල මට තේරුනා. කිසිම හේතුවක් නැතුව මගේ හිතට දුකක් දැනුනා. . මල ගෙදර හිටපු කොල්ලොන්ගෙන් බලන්න පුළුවන් එක්කෙනෙක්ට හිටියේ එයා විතරයි. හැබැයි එයත් කොන්ඩේ වවාගෙන තනිකරම රස්තියාදුකාරයෙක් වගේ. එහෙම බැලුවොත් මට දුක හිතෙන්න හේතුවක් නෑ. ඒත් එයාගේ ඇස් දෙක හරි අහිංසකයි. හිත කඩාගෙන යන තරමේ බැල්මක් එයාට තිබ්බේ. ඒත් ඒ බැල්ම මගේ නෙවෙයිනේ.

 රුවනි කියන්නේ  පැල් බැදගෙන කොල්ලෙක්ට  ආදරේ කරන කෙල්ලෙක්  නෙවෙයි .අද එක කොල්ලෙක් හෙට තව කොල්ලෙක්. ඕක එයා ගැන දන්න අය අතරේ ප්‍රසිද්ද රහසක් වෙලා තිබුනේ .නැන්දා නුවන්ට ආදරෙයි ඒ වගේම මටත්. ඉතින් නුවන්ට නැන්දා රුවනි ගැන කියලා  මාව පෙන්නලා යාලු වෙනවනම් මේ ඉන්නේ හොද කෙල්ලෙක් කියලත් කියල තිබුනා.


රෑ වෙද්දී රුවනි ගිහින් ඇද බදාගෙන නිදි . "නිදිමරන්නේ නැතුව ගිහින් අක්කා ලගින් ටිකක් ඇලවෙන්න කෙල්ලේ"  නැන්දා එහෙම කියලා දානේට කට්ටිය උයන තැනට ගියා. මට එතන ගියත් කරන්න දෙයක් නෑ. මමත් කොට්ටෙකුයි, මෙට්ටෙකුයි ෂිට් එකකුයි හොයාගෙන සාලේ බිම දාගෙන නිදාගන්න ලැස්ති උනා. දොර ලග තිබුණු පුටුවක ඉගෙන නිකටට ඇත දෙකම තියාගෙන බර කල්පනාවකින්  නුවන් මං දිහාම බලාගෙන හිටියා. මට කෙලින් ඒ ඇස් දිහා බලන්න බැරි උනා. මං හිනා උනා. හිනාවක් වත් නෑ මුනේ. "



අපේ අක්ක කියනවා ඩිල්කි ඕක කියල අඩන්න ගත්තලු.ටිකක් වෙලා කතා කරගන්න බැරුව ඉදලා ආයේ කියන්න ගත්තා .

 "මට ඒ විදියට දැනිලා නෑ. කොල්ලෙක් ඉස්සරහා එහෙම ගොළු වෙලා නෑ . ඒ බැල්ම මාව ගොළු කළා. එයා ලස්සන නෑ කළුම කලුයි. කොන්ඩේ වවාගෙන කෙල්ලෙක් රස්තියාදුකාරයෙක් කියන විදියට එයා හිටියේ.ඒත් එයාගේ ඇස් දෙක මට අමතකැ කරන්න බෑ. හැමතිස්සෙම මට ඒ බැල්ම මට මතක් වෙනවා. ඒ ඇස් දෙක අවංකයි. මං කාගෙන් වත් දැකපු නැති පිරිමි කමක් නුවන් ලග තිබුනා . 

"  ඇ..යි? නිදාගන්නේ නැද්ද  ?"  මේ ටික කියාගත්තෙත් අමාරුවෙන්. මට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියල මටවත් හිතාගන්න බැරි උනා.

"මට මෙට්ටයක් නෑනේ "පොඩි එකෙක් වගේ කිවුවා.
  
"ආ මේක ගන්න " මං මගේ මෙට්ටෙ දුන්නා. 

ඒත් අර විදියටම මං දිහා බලන් ඉන්නවා. එක එක්තරා විදියක අහිංසක මෝඩ පාට බැල්මක්. 

"ඇයි ?"

"කොට්ටයක් නෑනේ "

මං මගේ කොට්ටේත් දුන්නා . පස්සේ ෂිට් එක බිම එලලා  එයා දිහා බැලුවා. 

ඒත් එයා නිදි නෑ.මෙට්ටෙඋන ඉදගෙන මං දිහා අර බැල්මෙන්ම බලන් හිටියා, මං දන්නවා එයා මෙච්චර වෙලා මං දිහා බලන් හිටියේ එක ඉල්ලන්න නෙවෙයි, එයා හිටියේ වෙන ලොකු කල්පනාවක. එයා මොකක් හරි දෙයක් හිත හිත හිටියා.

"ඇයි අයියේ ?"

"සීතලයි පෙරවගන්න රෙද්දක්  නැහැනේ "


"මේක ගන්න "

"ඔයාට ?"

"මං රුවනි ලගට ගිහින් නිදාගන්නම් "

"ඔව් ඔයා ඔතන නිදාගන්න එපා "

"මට පස්සේ දවසක එයා කිවුවා එයා එහෙම කලේ මං මොනාද කරන්නේ බලන්න මිසක් නිදාගන්න ඕනෙවට ඒවා ඉල්ලුවේ නෑ කියලා. කොහොමින්  කොහොම හරි අපි ඒ දවස් දෙක තුනේ කතා බහ කළා . ෆෝන් නම්බර්  මාරු උනා. අපි නැන්දගේ ගෙදරට සමු දීලා අපේ ගෙවල් වලට ගියා. තව ටික දවසක් යද්දී අපි ආදරේ කරනවා. මං ජිවිතේ ගෙවපු ලස්සනම දවස් ටික . අපි කතා කරපු දෙයක් නෑ. කතා නොකරපු දෙයක් නෑ.මට එයා නැතිව ඉන්න බැරි තරමට එයාට මං නැතුව ඉන්න බැරි තරමට අපි ආදරේ කළා.

එයා හිටියේ කොන්ඩේ වවා ගෙන බෙල්ලේ ඉදන් අගල් දෙකක් විතර තිබනා . මම එකට කැමති නෑ. ඒත් එයා මං ආස නිසානේ වවන්න ඇත්තේ. හිත රිද්දන්න මට ඕනේ උනේ නෑ. දවසක් අපි කතා කරද්දී එයාම ඇහුවම මං එක කිවුවා

අපි දවසක් නැන්දලගේ ගෙදර ගියා. මට අදහන්න බැරි උනා. එයා කොන්ඩේ කපලා, පුදුම විදියට ලස්සනයි.මං එයාගේ මේ මුණ හරියට දැකලා නෙවේ ආදරේ කලේ, මං ආදරේ කලේ එයාගේ කතා කරන අහිංසක ඇස් දෙකට. කොන්ඩේ කැපුවට පස්සේ එයාගේ සෙල්ලක්කාර පාටට තිබුන මුණ එහෙම පිටින්ම වෙනස් වෙලා. එදා නැන්දත් හුගක් සතුටු උනා "

"මම ඔහේ හිටියේ දිල්. මට ලස්සනට ඉන්න ඕනේ කමක් තිබුනේ නෑ. කවුරු බලන්නද මං දිහා. මට අරමුණක් තිබුනේ නෑ. ඒත් දැන් මං ආසයි ජිවත් වෙන්න. මං ආසයි හීන දකින්න . ඒ හැමතැනකම ඔයා ඉන්නවනම්. මට මගේම කෙල්ලෙක් ඉන්නවා .මං දැන් ජිවත් වෙනවා"


"මුල් දවසේ වගේම එදත් ඒ වචන මාව ගොළු කළා. මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මං වෙන්න ඇති කියල මං හිතුවේ. අපි දෙන්න ගැන නැන්ද එයාගෙයි අපෙයි අම්මල එක්ක කතා කරලා තිබුනා. අපේ අම්ම තාත්තාටත් එන්න කියල එයාගේ අම්මලවත් ගෙන්නාගෙන කතා කරන්න නැන්දා දිනයකුත් දාගෙන තිබුනා .

එදා අම්මලා උදේම නැන්දගේ ගෙදර ගියා. හවස එයාල එහෙ එන්න හිටියේ. ඉතින් අම්ම නැන්දත් එක්ක එයාලට සංග්‍රහ කරන්න ලෑස්ති වෙනවා. මමත් බඩු වගයක් අරන් එහෙට එන්නම් කියල ගියා. ඒ එන අතරේම අපි මැසේජ් කළා. 

"බස් එකට නැග්ගම කියන්න "

"නැන්දලගේ ගෙදරට ආවම කියන්න "  මම එනකන්ම ඔය වගේ මැසේජ් එවුවා එයා. 


10 වගේ වෙද්දී මම නැන්දලගේ ගෙදරට ආවා. මම එයාට  මැසේජ් එකක් දැම්මා "අයියේ මම නැන්දලගේ ගෙදරට ආවා "

එයා එදා නෑදෑ අයියල දෙන්නෙකුයි තව අක්ක කෙනෙකුයි එක්ක නාන්න යනවා කිවුව.ඒ පැත්තේ වැවකට .


"පරිස්සමින් ආවද ? මම නාන්න යන්නේ .  නාලා කතා කරන්නම් "

ටික වෙලාවකින් එයා මට කතා කළා. 

"ඇයි ?"

"මට කතා කරන්න හිතුනා දිල් "

"නාල ඉවරද ?"

"නෑ මුන් තාම නානවා "

"ඉක්මනට එන්න හොදේ "

"හ්ම්ම් මට ආදරේද දිල් ? මාත් එක්ක හැමදාම ඉන්නවානේද ?"

"ඔව් අයියේ ... ඇයි මේ ?"

"නිකන් . මාත් එක්ක තරහ වෙන්නේ නෑ නේද? "

"ඔයා වැරද්දක් කලේ නෑනේ තරහ වෙන්න "

"හ්ම්ම් මං පස්සේ ගන්නම් ආයේ  පරිස්සමින් ඉන්න බුදුසරණයි. මං  ඔයාව ඉල්ලගන්න අම්මල එක්ක හවස එනවා හොදේ. "

"හ්ම්ම් පරිස්සමින් එන්න අයියේ බුදුසරණයි "


ටික වෙලාවකින් එයා ආයේ මැසේජ් එකක් දාල තිබුනා.

"මං ආයේ වැවට බහිනවා දිල් . එනකොට කතා කරන්නම් ."


"මේ මට එයාගෙන් ලැබුන අන්තිම මැසේජ් එක . එයා ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කලේ නෑ. මං බලන් හිටියා. අපි හැමෝම බලන් හිටියා. එක පාරක් ෆෝන් එක කට්  කළා . ඇයි එයා මට එහෙම කලේ. මං රැවටුනා. මට මං ගැනම තරහක් ආවේ. එයාට වෙන දවසක් තිබුනේ නැද්ද මට මෙහෙම කරන්න. ඇයි අදම මාව මේ විදියට අසරණ කලේ. අපි හවස් වෙනකන් බලන් හිටියා එක මැසේජ් එකක්. අඩු ගානේ මට එන්න වෙන්නේ නැහැ කියලවත් එයා මැසේජ් එකක් එවුවේ නැහැ.

එයා කොහොමද අපේ හීන ලෝකේ එක තත්පරෙන් කලා දැම්මේ. එයා කොහොමද එහෙම හැමදේම අමතක කලේ. එයා හොදටම දන්නවා අපි උදේ ඉදන් පේවිලා බලන් ඉන්නේ එයාල එනකන්. එයාට කියන්න තිබුනා. මං ඇඩුවා කවදාවත් නැති තරම් මං ඇඩුවා. "


ඒත් මට වැරදුනා. මං හුගක් වරද්දගත්තා

එදා ගගේ නාන්න යනව කියලා එයා අවසන් ගමන් ගිහින්. මිනිය හොයාගත්තේ දවස් 3කට පස්සේ "


මේ කතාවේ අන්තිමට සැක හිතෙන දෙයක් ගැනත් ඒ අක්ක කිවුවා. පස්සේ තර්ජනය කරපු එකක් ගැනත් කිවුවා . ඒ ගැන මම මෙතන කියන්න යන්නේ නැහැ.

මම මේක බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ එකම දෙයයි . ජිවිතේ හරි පුදුමයි. දෙයක් උනාට පස්සේ දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න ඕනේ. හුගක්ම මේක දකින්නේ තරුණ වයසේ අය .මේ වයසේදී අපිට හිතෙන හිතෙන දේ කරන්න පෙලබෙනවා. මුහුදකට, වැවකට , ගගකට නාන්න ගියත් , වාහනේක යද්දී උනත් හුගක් පරිස්සම් වෙන්න . සුළු මොහොතක සතුටක් ගැන හිතල ජීවිතේම විදවන්න දෙන්න එපා. එකෙන් දුක් විදින්නේ අපිට වඩා අපේ ලගින් ඉන්න අය. මගේ හතුරෙක්ටවත් මේ වගේ වෙන්න එපා කියලයි මං මේක අහපු වෙලේ හිතුවේ. ඒ අක්ක එහෙම හිටියට මම වගේම තවත් අය ඇති ඒ වගේ දේවල් දරාගෙන ජිවත් වෙන්න බැරි. අපේ වාසනාවකට ලබපු මේ මනුස්ස ආත්මේ  නිකන් නාස්ති වෙලා යන්න දෙන්න එපා. කල්පනාවෙන් ජිවත් වෙන්න.මේකෙන් දෙයක් ගන්න ඇති කියල හිතෙනවා.  ආයෙත් කියන්නේ එකම දෙයයි. අපි අපේ ජිවිත වල වටිනාකම තව තේරුම් අරන් ජිවත් වෙන්න ඕනේ.






(නම් ටික විතරක් බොරු )

 ~ හාවි ~