ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Friday, May 23, 2014

දෛවයේ සරදමක්





අපේ අක්කගෙයි මගෙයි පුරුද්දක් තිබුනා අපි මොන දේ උනත් ගෙදර ආවම දෙන්න කතා කරනවා . මට වෙන දේවල් මං එයාට කියනවා එයාට වෙන දේවල් මට කියනවා. කොටින්ම  අපි දෙන්නට හිටියේ අපි දෙන්න විතරයි . පහු පහු වෙද්දී උන දේවල් මං පස්සේ කියන්නම්. එයා කාලයක් පෞද්ගලික ආයතනයක වැඩ කළා. එතන හිටිය අක්ක කෙනෙක්. එයාගේ නම දිල්කි. අක්ක කිවුව විදියට නම් එයා එතන වැඩ කරන්න අරන් අවුරුදු දෙකක්ලු. මම මේ කියන්න යන්නේ එයාගේ කතාව.  හරියටම කියනවනම් එයාගේ ජිවිත අත්දැකීමක් . ඒ අක්කගේ වචනෙන්ම කියනවනම් මේකයි කතාව.

"අපෙ නැන්ද කෙනෙක්ගේ ගෙදර මළගෙයක් තිබුනා. ඉතින් ඕකට මමත් ගිහින් එහෙ ටික දවසක් හිටියා. නැන්ද මට හරි ආදරෙයි. මං එහෙ හිටපු දවස් වල එහෙ ඇවිත් හිටියා මාමගේ පැත්තෙන් නෑදෑ වෙන තව ගෑනු ළමයෙක්.රුවනි ! කෙල්ලෙක් ඉතින් කොහෙවත් ගිහින් තනියට එකෙක් හොයාගන්නවනේ ඒ වගේ මම හිටියෙත් රුවනි  එක්ක .මං දැක්කා නිතරම අපි දිහා බලන ඇස් දෙකක් .  ටිකක් කළු උස පිරිමි ළමයෙක්  "

තව කෙල්ලෙක් ගැන කියද්දී සාමන්යෙන් කෙල්ලෙක් ගේ හිතට එන ප්‍රශ්නයක් තියෙනවා . මමත් සාමාන්‍ය කෙල්ලෙක් . ඉතින් මමත් අපේ අක්කාගෙන් ඕක ඇහුවා.  "ඩිල්කි ලස්සනයිද? "

"විශේෂ ලස්සනක් නෑ හලෝ. කැතත් නෑ. සුදුම නෑ කළුත් නෑ.   මගේ උස වගේ ඇති . කොන්ඩේ දිගයි ,කොන්ඩේ නම් මරු. කර්ල් කොන්ඩේ. හොදයි අවුලක් නෑ "

(අපේ අක්කගේ උස කිවුවොත් ඉතින් බටු  ඇටයක් . අඩි  පහයි, මං නම් ඊට වඩා අගල් දෙක තුනක් උසයි )

"හරි හරි උස කොල්ලෙක්  . ඉතින්?  කොල්ල ලස්සනයිද ?" මං ඇහුවේ අයිය ගැන. මොකද මමත් සාමාන්‍ය කෙල්ලෙක්නේ.

"ඇයි මොකටද? "

එතනින් එහා වැඩක් නෑ , ඩිල්කි අක්කගේ කතාව අහන්නකො.

"නුවන් එයාගේ නම, එයාගේ ඇස් දෙක නැවතිලා තියෙන්නේ  මාත් එක්ක හිටපු රුවනි අක්කට කියල මට තේරුනා. කිසිම හේතුවක් නැතුව මගේ හිතට දුකක් දැනුනා. . මල ගෙදර හිටපු කොල්ලොන්ගෙන් බලන්න පුළුවන් එක්කෙනෙක්ට හිටියේ එයා විතරයි. හැබැයි එයත් කොන්ඩේ වවාගෙන තනිකරම රස්තියාදුකාරයෙක් වගේ. එහෙම බැලුවොත් මට දුක හිතෙන්න හේතුවක් නෑ. ඒත් එයාගේ ඇස් දෙක හරි අහිංසකයි. හිත කඩාගෙන යන තරමේ බැල්මක් එයාට තිබ්බේ. ඒත් ඒ බැල්ම මගේ නෙවෙයිනේ.

 රුවනි කියන්නේ  පැල් බැදගෙන කොල්ලෙක්ට  ආදරේ කරන කෙල්ලෙක්  නෙවෙයි .අද එක කොල්ලෙක් හෙට තව කොල්ලෙක්. ඕක එයා ගැන දන්න අය අතරේ ප්‍රසිද්ද රහසක් වෙලා තිබුනේ .නැන්දා නුවන්ට ආදරෙයි ඒ වගේම මටත්. ඉතින් නුවන්ට නැන්දා රුවනි ගැන කියලා  මාව පෙන්නලා යාලු වෙනවනම් මේ ඉන්නේ හොද කෙල්ලෙක් කියලත් කියල තිබුනා.


රෑ වෙද්දී රුවනි ගිහින් ඇද බදාගෙන නිදි . "නිදිමරන්නේ නැතුව ගිහින් අක්කා ලගින් ටිකක් ඇලවෙන්න කෙල්ලේ"  නැන්දා එහෙම කියලා දානේට කට්ටිය උයන තැනට ගියා. මට එතන ගියත් කරන්න දෙයක් නෑ. මමත් කොට්ටෙකුයි, මෙට්ටෙකුයි ෂිට් එකකුයි හොයාගෙන සාලේ බිම දාගෙන නිදාගන්න ලැස්ති උනා. දොර ලග තිබුණු පුටුවක ඉගෙන නිකටට ඇත දෙකම තියාගෙන බර කල්පනාවකින්  නුවන් මං දිහාම බලාගෙන හිටියා. මට කෙලින් ඒ ඇස් දිහා බලන්න බැරි උනා. මං හිනා උනා. හිනාවක් වත් නෑ මුනේ. "



අපේ අක්ක කියනවා ඩිල්කි ඕක කියල අඩන්න ගත්තලු.ටිකක් වෙලා කතා කරගන්න බැරුව ඉදලා ආයේ කියන්න ගත්තා .

 "මට ඒ විදියට දැනිලා නෑ. කොල්ලෙක් ඉස්සරහා එහෙම ගොළු වෙලා නෑ . ඒ බැල්ම මාව ගොළු කළා. එයා ලස්සන නෑ කළුම කලුයි. කොන්ඩේ වවාගෙන කෙල්ලෙක් රස්තියාදුකාරයෙක් කියන විදියට එයා හිටියේ.ඒත් එයාගේ ඇස් දෙක මට අමතකැ කරන්න බෑ. හැමතිස්සෙම මට ඒ බැල්ම මට මතක් වෙනවා. ඒ ඇස් දෙක අවංකයි. මං කාගෙන් වත් දැකපු නැති පිරිමි කමක් නුවන් ලග තිබුනා . 

"  ඇ..යි? නිදාගන්නේ නැද්ද  ?"  මේ ටික කියාගත්තෙත් අමාරුවෙන්. මට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියල මටවත් හිතාගන්න බැරි උනා.

"මට මෙට්ටයක් නෑනේ "පොඩි එකෙක් වගේ කිවුවා.
  
"ආ මේක ගන්න " මං මගේ මෙට්ටෙ දුන්නා. 

ඒත් අර විදියටම මං දිහා බලන් ඉන්නවා. එක එක්තරා විදියක අහිංසක මෝඩ පාට බැල්මක්. 

"ඇයි ?"

"කොට්ටයක් නෑනේ "

මං මගේ කොට්ටේත් දුන්නා . පස්සේ ෂිට් එක බිම එලලා  එයා දිහා බැලුවා. 

ඒත් එයා නිදි නෑ.මෙට්ටෙඋන ඉදගෙන මං දිහා අර බැල්මෙන්ම බලන් හිටියා, මං දන්නවා එයා මෙච්චර වෙලා මං දිහා බලන් හිටියේ එක ඉල්ලන්න නෙවෙයි, එයා හිටියේ වෙන ලොකු කල්පනාවක. එයා මොකක් හරි දෙයක් හිත හිත හිටියා.

"ඇයි අයියේ ?"

"සීතලයි පෙරවගන්න රෙද්දක්  නැහැනේ "


"මේක ගන්න "

"ඔයාට ?"

"මං රුවනි ලගට ගිහින් නිදාගන්නම් "

"ඔව් ඔයා ඔතන නිදාගන්න එපා "

"මට පස්සේ දවසක එයා කිවුවා එයා එහෙම කලේ මං මොනාද කරන්නේ බලන්න මිසක් නිදාගන්න ඕනෙවට ඒවා ඉල්ලුවේ නෑ කියලා. කොහොමින්  කොහොම හරි අපි ඒ දවස් දෙක තුනේ කතා බහ කළා . ෆෝන් නම්බර්  මාරු උනා. අපි නැන්දගේ ගෙදරට සමු දීලා අපේ ගෙවල් වලට ගියා. තව ටික දවසක් යද්දී අපි ආදරේ කරනවා. මං ජිවිතේ ගෙවපු ලස්සනම දවස් ටික . අපි කතා කරපු දෙයක් නෑ. කතා නොකරපු දෙයක් නෑ.මට එයා නැතිව ඉන්න බැරි තරමට එයාට මං නැතුව ඉන්න බැරි තරමට අපි ආදරේ කළා.

එයා හිටියේ කොන්ඩේ වවා ගෙන බෙල්ලේ ඉදන් අගල් දෙකක් විතර තිබනා . මම එකට කැමති නෑ. ඒත් එයා මං ආස නිසානේ වවන්න ඇත්තේ. හිත රිද්දන්න මට ඕනේ උනේ නෑ. දවසක් අපි කතා කරද්දී එයාම ඇහුවම මං එක කිවුවා

අපි දවසක් නැන්දලගේ ගෙදර ගියා. මට අදහන්න බැරි උනා. එයා කොන්ඩේ කපලා, පුදුම විදියට ලස්සනයි.මං එයාගේ මේ මුණ හරියට දැකලා නෙවේ ආදරේ කලේ, මං ආදරේ කලේ එයාගේ කතා කරන අහිංසක ඇස් දෙකට. කොන්ඩේ කැපුවට පස්සේ එයාගේ සෙල්ලක්කාර පාටට තිබුන මුණ එහෙම පිටින්ම වෙනස් වෙලා. එදා නැන්දත් හුගක් සතුටු උනා "

"මම ඔහේ හිටියේ දිල්. මට ලස්සනට ඉන්න ඕනේ කමක් තිබුනේ නෑ. කවුරු බලන්නද මං දිහා. මට අරමුණක් තිබුනේ නෑ. ඒත් දැන් මං ආසයි ජිවත් වෙන්න. මං ආසයි හීන දකින්න . ඒ හැමතැනකම ඔයා ඉන්නවනම්. මට මගේම කෙල්ලෙක් ඉන්නවා .මං දැන් ජිවත් වෙනවා"


"මුල් දවසේ වගේම එදත් ඒ වචන මාව ගොළු කළා. මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මං වෙන්න ඇති කියල මං හිතුවේ. අපි දෙන්න ගැන නැන්ද එයාගෙයි අපෙයි අම්මල එක්ක කතා කරලා තිබුනා. අපේ අම්ම තාත්තාටත් එන්න කියල එයාගේ අම්මලවත් ගෙන්නාගෙන කතා කරන්න නැන්දා දිනයකුත් දාගෙන තිබුනා .

එදා අම්මලා උදේම නැන්දගේ ගෙදර ගියා. හවස එයාල එහෙ එන්න හිටියේ. ඉතින් අම්ම නැන්දත් එක්ක එයාලට සංග්‍රහ කරන්න ලෑස්ති වෙනවා. මමත් බඩු වගයක් අරන් එහෙට එන්නම් කියල ගියා. ඒ එන අතරේම අපි මැසේජ් කළා. 

"බස් එකට නැග්ගම කියන්න "

"නැන්දලගේ ගෙදරට ආවම කියන්න "  මම එනකන්ම ඔය වගේ මැසේජ් එවුවා එයා. 


10 වගේ වෙද්දී මම නැන්දලගේ ගෙදරට ආවා. මම එයාට  මැසේජ් එකක් දැම්මා "අයියේ මම නැන්දලගේ ගෙදරට ආවා "

එයා එදා නෑදෑ අයියල දෙන්නෙකුයි තව අක්ක කෙනෙකුයි එක්ක නාන්න යනවා කිවුව.ඒ පැත්තේ වැවකට .


"පරිස්සමින් ආවද ? මම නාන්න යන්නේ .  නාලා කතා කරන්නම් "

ටික වෙලාවකින් එයා මට කතා කළා. 

"ඇයි ?"

"මට කතා කරන්න හිතුනා දිල් "

"නාල ඉවරද ?"

"නෑ මුන් තාම නානවා "

"ඉක්මනට එන්න හොදේ "

"හ්ම්ම් මට ආදරේද දිල් ? මාත් එක්ක හැමදාම ඉන්නවානේද ?"

"ඔව් අයියේ ... ඇයි මේ ?"

"නිකන් . මාත් එක්ක තරහ වෙන්නේ නෑ නේද? "

"ඔයා වැරද්දක් කලේ නෑනේ තරහ වෙන්න "

"හ්ම්ම් මං පස්සේ ගන්නම් ආයේ  පරිස්සමින් ඉන්න බුදුසරණයි. මං  ඔයාව ඉල්ලගන්න අම්මල එක්ක හවස එනවා හොදේ. "

"හ්ම්ම් පරිස්සමින් එන්න අයියේ බුදුසරණයි "


ටික වෙලාවකින් එයා ආයේ මැසේජ් එකක් දාල තිබුනා.

"මං ආයේ වැවට බහිනවා දිල් . එනකොට කතා කරන්නම් ."


"මේ මට එයාගෙන් ලැබුන අන්තිම මැසේජ් එක . එයා ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කලේ නෑ. මං බලන් හිටියා. අපි හැමෝම බලන් හිටියා. එක පාරක් ෆෝන් එක කට්  කළා . ඇයි එයා මට එහෙම කලේ. මං රැවටුනා. මට මං ගැනම තරහක් ආවේ. එයාට වෙන දවසක් තිබුනේ නැද්ද මට මෙහෙම කරන්න. ඇයි අදම මාව මේ විදියට අසරණ කලේ. අපි හවස් වෙනකන් බලන් හිටියා එක මැසේජ් එකක්. අඩු ගානේ මට එන්න වෙන්නේ නැහැ කියලවත් එයා මැසේජ් එකක් එවුවේ නැහැ.

එයා කොහොමද අපේ හීන ලෝකේ එක තත්පරෙන් කලා දැම්මේ. එයා කොහොමද එහෙම හැමදේම අමතක කලේ. එයා හොදටම දන්නවා අපි උදේ ඉදන් පේවිලා බලන් ඉන්නේ එයාල එනකන්. එයාට කියන්න තිබුනා. මං ඇඩුවා කවදාවත් නැති තරම් මං ඇඩුවා. "


ඒත් මට වැරදුනා. මං හුගක් වරද්දගත්තා

එදා ගගේ නාන්න යනව කියලා එයා අවසන් ගමන් ගිහින්. මිනිය හොයාගත්තේ දවස් 3කට පස්සේ "


මේ කතාවේ අන්තිමට සැක හිතෙන දෙයක් ගැනත් ඒ අක්ක කිවුවා. පස්සේ තර්ජනය කරපු එකක් ගැනත් කිවුවා . ඒ ගැන මම මෙතන කියන්න යන්නේ නැහැ.

මම මේක බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ එකම දෙයයි . ජිවිතේ හරි පුදුමයි. දෙයක් උනාට පස්සේ දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න ඕනේ. හුගක්ම මේක දකින්නේ තරුණ වයසේ අය .මේ වයසේදී අපිට හිතෙන හිතෙන දේ කරන්න පෙලබෙනවා. මුහුදකට, වැවකට , ගගකට නාන්න ගියත් , වාහනේක යද්දී උනත් හුගක් පරිස්සම් වෙන්න . සුළු මොහොතක සතුටක් ගැන හිතල ජීවිතේම විදවන්න දෙන්න එපා. එකෙන් දුක් විදින්නේ අපිට වඩා අපේ ලගින් ඉන්න අය. මගේ හතුරෙක්ටවත් මේ වගේ වෙන්න එපා කියලයි මං මේක අහපු වෙලේ හිතුවේ. ඒ අක්ක එහෙම හිටියට මම වගේම තවත් අය ඇති ඒ වගේ දේවල් දරාගෙන ජිවත් වෙන්න බැරි. අපේ වාසනාවකට ලබපු මේ මනුස්ස ආත්මේ  නිකන් නාස්ති වෙලා යන්න දෙන්න එපා. කල්පනාවෙන් ජිවත් වෙන්න.මේකෙන් දෙයක් ගන්න ඇති කියල හිතෙනවා.  ආයෙත් කියන්නේ එකම දෙයයි. අපි අපේ ජිවිත වල වටිනාකම තව තේරුම් අරන් ජිවත් වෙන්න ඕනේ.






(නම් ටික විතරක් බොරු )

 ~ හාවි ~

21 comments:

  1. කොන්ඩ රැවුල් වලට කෙල්ලෝ මේ තරන් අකමැති ඇයිද මන්දා...
    හැබැයි ඉතින් ...
    කාලයක් ගියාම ඔය දෙකටම ආසා වෙනවා :3

    ඔවු බන් ... මේ තියෙන හැම දේම... හැමදාම අපිත් එක්ක තියෙන්නේ... අපිත් එකක් රැඳෙන්නේ නැහැ ... යනකොට අරන් යන්නෙත් නැහැ ...

    කිසිම දෙයක් ගැන ඕනිවට වඩා බලාපොරොත්තු නොතියා.. බලාපොරොත්තු අඩු ජිවිතයක් ගත කරන්න පුළුවන් නං එක ලොකු සැනසීමක්...

    ප්‍රිය විප්පයෝගෝ දුක්ඛො

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට කැතයි සමහරුන්ට ලස්සනයි. කොන්ඩේ. රවුල්.
      හැබැයි කෙල්ලෝ ආස රැවුල තියෙද්දී , වෙන මුකුත් හින්ද නෙවේ නැත්නම් බබ්බු වගේලු :3

      "කිසිම දෙයක් ගැන ඕනිවට වඩා බලාපොරොත්තු නොතියා.. බලාපොරොත්තු අඩු ජිවිතයක් ගත කරන්න පුළුවන් නං එක ලොකු සැනසීමක්... " එක ඇත්ත බන්

      Delete
  2. Replies
    1. ඔන්න අකුරු ලොකුයි මාමේ :D

      Delete
  3. එළ එළ නියමයි!

    ReplyDelete
  4. සුපිරි ඈ .. දිගටම ලියමු (Y)

    ReplyDelete
  5. Ohoma aththa kathath thiyeyine.! eka hariyata hithala liyapu ketikathaawak wage. lassanayi.

    ReplyDelete
  6. eya antimata ewapu msg eken passe giliuna nam, kohomada ara ganu lamaya dunnu call eka cut kale...?

    ReplyDelete
    Replies
    1. eka thamai saka sahitha kathawak man kiuwe e akka meta wada dewal kiyala thibba eth ewa man liuwe naha

      Delete
  7. එල එකක් හාවී එල එකක්

    ReplyDelete
  8. මං ඇත්තම කියන්නං. කොන්ඩෙ කෙසේ වෙතත් රැව්ල නැත්තං ඇත්තටම කොල්ලො නිකං පොඩි එවුං වගේ. ඇත්ත ඒකයි.

    ගොඩක් වටින පෝස්ට් එකක් හාක්කේ. ඇත්තටම ඔය අක්ක ඕක ඉවසගත්තෙ කෝමද? නාන්න යනකොට නං සේෆ් තැන් වලිංනාන්න වග බලා ගන්න ඕන. කොච්චර පීනන්න දක්ෂ වුනත් ඒ වෙලාවට ශොක් එකක් ආවොත් මෙලෝ දෙයක් කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කොල්ලෝ සෙට් උනාම ඒ වෙලාවට කරන දේවල් එයාලම දන්නේ නෑ , පස්සේ පසුතැවෙන එකට වඩා තේරුම් ගන්න එක හොදයි :) එල මලයෝ

      Delete
  9. Successfuly added your blog to sindi lanka.

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ :D (කට කනේ )

      Delete