අවුරුදු 3කතවිතර කලින් උන සිද්දියක් ඈ .
මං අවුරුද්දක් විතර එක ගාමන්ට් ෆැක්ටරි එකක ඔපිස් එකක වැඩ කළා. ඔෆිස් එකේ හිටියේ අපි 7 දෙනෙක් විතර. ඉතින් ඔතන ගෑනු ළමයිට හිටියේ මමයි තව අක්ක කෙනෙකුයි . එයා මට වඩා පරණයි. මට වයස 19යි එයාට එතකොට 25යි . ඒ අක්ක හුගක් කෙට්ටුයි කොටයි. මං එයාට සෝමාවතී කියන්නම් හරිද . එයා ඔතන කලේ ඉන්වොයිස් හදන එකයි පොඩි පොඩි වැඩ. අනේ මන්දා කොයි වෙලෙත් එයා ෆේස්බුක්. මං හිටියේ production & marketing coordinator විදියට. ඕනෑවටත් වඩා දෙන්න ගිහින් අන්තිම ලියුම් හදන්නයි එකවුන්ට්ස් වැඩයි කස්ටමර්ස්ල හැන්ඩ්ල් කරන්නයි හෙන කුණු ගොඩවල් මට වැටුනා, ඒ හින්ද අවුරුද්දෙන් වගේ මං ඔතනින් අයින් උනා .තව ටික දවසක් ගියොත් එහෙම එතන මැනේජර් කලොත් කාට කියන්නද නෙ .
මේකයි සින් එක . සෝමාවතී අක්කට හැම තිස්සෙම යාලුවොන්ගෙන් කෝල් එනවා. උන් ඔක්කොම කොල්ලෝ . ඉතින් කොයි වෙලෙත් බොස් නැති වෙලාවට එයා ෆෝන් එකේ එල්ලිලා ඉන්නව.අනේ අම්මේ කියන ඒවට මං මොනිටරේට මුවා වෙලා හිනා වේවි ඉන්නවා . දැන් නම් එයා බැදලා බබෙක් එහෙමත් ඉන්නව. කොල්ලෝ විස්සක් තිහක් විතර එක්ක මල් කඩල අන්තිමට බැන්දේ සතියෙන් සෙට් උන කොල්ලෙක්ව. ඒ අක්ක ටිකක් දුර පලාතක හින්දා බෝඩ් වෙලා හිටියෙත් ඉතින් මමත් ඉතින් නිවාඩු දවසට එන්න කියල අම්ම කෑම වේලක් එහෙම දෙනවා. ඉතින් අම්මත් මේ අක්කව හොදට අදුරනව.
දවසක් ඉතින් අක්ක මගෙන් ඇහුවා
"නංගා අපි නිවාඩු දවසක ගංගාරාම පන්සල් යන්ද " කියලා
එච්චර දුරක් නැති උනාට මං ජිවිතේට ගංගාරාම පන්සලට ගිහින් තිබ්බේ නෑ . අඩුගානේ තාත්තා මාව ඉස්කෝලේ ට්‍රිප් වත් යවන්නේ නෑ . ට්‍රිප් දෙකක් ගියා ඒත් අඩලා වැලපිලා.ඉතින් මාත් දහසක් බලාපොරොත්තු තියාගෙන අම්මගෙන් ඇහුවා අම්මේ මං සෝමාවතී අක්ක එක්ක ගන්ගාරාමේ පන්සල් යන්නද කියල . අම්මත් අවුලක් නෑ හා කිවුවා. (ඒ වෙද්දී තාත්තා හිටියේ නැහැ )
කොහොම හරි පහුවදා කුකුලත් අතේ අරන් මම කිරිබත්ගොඩට ගියා .සෝමාවතී අක්කත් ආවා.
"නංගා මගේ තව යාලුවෙක් එනවා එනකන් ඉමු ටිකක් "
මටත් මොකෝ " හා අක්කේ "
ටික වෙලාවක් හිටියා එක පාරට කොල්ලෙක් ඇවිත් සොමවතිගෙන් අහනවා
"ඔයා නේද සෝමාවතී ? "
"ආ ඔව් " අනේ ඉතින් දෙන්න අලගිය මුලගිය තැන් කතාව . මට නම් උගේ මෙලෝ රහක් නෑ .
"කාලද ආවේ "
"රෑට කෑවේ මොනාද "
" අනේ ඔයාගේ දත් අස්සේ මාළු කට්ටක් "
"කීයටද ගෙදරින් ආවේ "
අක්කගේ පෙම් හිනාව අරුගේ පැණි හිනාව . එතන කෝලම් මඩුවක් කරගෙන .
"අක්කේ යාලුව එන් නැද්ද ? "
"යමු නංගා මෙයා එනකන් තමා හිට්යේ "
යකෝ යාළුවා කොල්ලෙක්ද . මු එක්කද අපි පන්සල් යන්නේ දැන්. අම්මට කිවුවේත් නෑ . නිකන් හරි අදුරන එකෙක් දැක්කොත් . මට ආයේ නෑ දෙන්න හිතුනා අරකිට තව ටිකක් කොට වෙන්න . !@#$% යන මගුලක තනියම යන්නේ නැතුව මොන මගුලටද මාව එක්කන් යන්නේ . අම්ම දන්නවා නම් මේකිව ගෙදරට වත් ගන්නේ නෑ . දන්නේ නැති එකෙක් එක්ක ඇවිදින්න .
" අක්කේ එහෙනම් මං ඕනේ නැනේ ඔය දෙන්න ගිහින් එන්න මගේ ඔලුවත් රිදෙනවා "
"අනේ නංගා මං බෝඩිමේ ඇන්ටිට කිවුවේ ඔයා එක්ක යනවා කියලනේ . අදුරන කවුරු හරි දැක්කොත් හරි නැනේ යමුකෝ "
එතකොට යකෝ මං අදුරන එකෙක් දැක්කොත් හරිද . ආයේ නම් මෙකි එක්ක කොහෙවත් යන් නෑ .
" හා ගිහින් ඉක්මනට එමු හරිද"
මුන් දෙන්නට ඕනේ එකක් කරගන්න කියල මං බස් එකේ ඉස්සරහ සිට් එකක වාඩි වෙලා පාඩුවේ ගියා. පන්සලට එහෙමත් ගියා. ගංගාරාම පන්සලට ගිහින් මං මට ඕනේ ව්දියට ඇවිද්දා. කලින් ඇවිත් නැති එක එක හේතුවක් . අනිත් හේතුව හිතේ තරහ .
පාර අයිනේ බේරේ වැව මැද්දේ තියෙන තැනටත් ගියා . සෙරප්පු එහෙම ගලවලා මං එතනට වෙලා ඉදගෙන හිටියා, අනේ අරුන් දෙන්නා එතන ෆොටෝ ගන්නවා . බුදු පිළිම වලට වැදගෙනයි . වැව දිහා බලාගෙනයි එක විකාරයක්.
මං ඉතින් ඔතන තියෙන බුදු පිළිම දිහා බල බල එක වටේම ගියා. ඒ ගමන් එහා පැත්තේ ගග මද තියෙන මෙවුව එකේ ඉන්න කපල් දිහාත් බැලුවා . එතන වටේම තියල තියන බුදු පිළිම බස් එකේදී මං දැකල තියෙන්නේ සුදු පාටට. ඒත් ලගට ගියාමයි දැක්කේ ඒ සුදු වෙලා තියෙන්නේ ලස්සන තඹ පාට බුදු පිළිම ටිකක් කියලා. මං ඕවා බලාගෙන වටේම ඇවිදලා ඉස්සරහට එද්දී අරුන් දෙන්නා වැනි වැනි යනවා. මාත් ඉතින් එතනින් ආවා.
"මොනා හරි බොනවද " අරු අහනවා යන ගමන් .
මං උට හොරෙන් සොමවතිට බෑ බෑ කියල ඔලුව වැනුවා.
එකී බෑ කිවුවම " නෑ නෑ එන්න මොනා හරි බිලා යමු"
"අක්කේ මාව කොටුවට බස් එකට දානවද ? "
උට තේරුනා මට මල විකසිතයි කියල.
"හා හා එහෙනම් යන් "
අපිත් ඉතින් ගියා. අර කපල් කුඩ යටට වෙලා ඉන්න ඒරියා එක පහු වෙද්දී මම මනුස්ස කමට වගේ ඒ පැත්ත බලන් එහෙම ගියේ නෑ ඉතින් .
ඔහොම ඔහොමඅපි ඉදිරියටම ගියා
හත් දෙයියනේ . මල නොන්ඩියයි . මං එහෙමම නැවතුනා . ආයෙත් අනිත් පැත්ත හැරුනා . දිවුවා දිවිල්ලක් ආයේ නෑ පණ එපා කියල. අරුන් දෙන්නා බය වෙලා. මං පිටි පස්ස බලන්නේවත් නැතුව දිවුවා.
පන්සලට ගියාම සෙරෙප්පු දෙක උස්සන මේ කාලේ. දාගෙන ආපු ලස්සන සෙරප්පු දෙක දාල එන්ඩ එහෙම පුලුවන්ද .
~හාවි ~