ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Saturday, June 7, 2014

කෙල්ලන්ට විශේෂයි...හිත කියන්නේ කැඩපතක් නෙමෙයි..





කොල්ලො කෙල්ලො අතර ප්‍රශ්න ඇති වීමට බලපාන ප්‍රධාන කාරනයක් ගැන කතා කරන්න හිතුවා..එක මගේ අද්දැකීමෙන් දන්න දෙයක් එම නිසා කෙල්ලන් අනිවාර්යෙන් කියවන්න.


හිත් කියන්නේ කැඩපතක් නෙමෙයි..කියන්න තියන දේ කෙලින්ම කියන්න...


ආදරය කරද්දී සමහර ගෑණු ලමයි හිතාගෙන ඉන්නවා අපි දෙන්නම එක්කෙනෙක්..අනිත් කෙනා හිතන්න ඔනේ මං හිතන විදිහට කියනදේ.ආදරය සම්බන්ධයෙන් එවැනි අදහස් තිබීම මිථයාවක්.ආදරය කියන්නේ එයට නෙමෙයි.ආදරය කරන දෙන්නා ඇත්තටම වෙනස් විදිහට හිතන,වෙනස් විදිහේ හිතුම් පැතුම් තියන දෙවිධියක දෙදෙනෙක්.අපි හැමොම පුද්හලයන් වශයෙන් ස්වාධීඅයි.හැමවිටම 100%ක් අනිකාව තෙරුම් ගැනීමේ හැකීයාවක් කොල්ලන්ට නෑ..ගෑණු ළමයි බොහොවිට තමන්ගේ හිතේ තියන දෙය කොල්ලන්ට කියන්නේ නෑ"එයා මාව තෙරුම් ගනීවී ..එයා මට ඇත්තටම ආදරේ නම් එක වෙන්න ඔනේ"කෙල්ලො එහෙම හිතනවා එත් කොල්ලො තවමත් හිත් කියවීමේ මට්ටමට හිත දියුනු නොකර ඇති නිසා එවැනි අදහස් වලින් කොල්ලා වගෙම කෙල්ලත් දුකට පත් වෙනවා..එ නිසා යම් අදහසක් හො අකමැති හො කැමති දෙයක් ඇත්නම් එය තමන්ගේ පෙම්වතාට පැවසීම හිතේ තියාගෙන ඉන්නවට වඩ හොද දෙයක්.

ප්‍රේමය දෙදෙනෙක් අතර ඇතිවන අන්නොන්ය අවබොදයේ පතිඵලයක්.තමන්ගේ අධ‍යාත්මය නිසි අයුරින් අනිකා වෙත සන්නිවෙදනය කල යුතුයි.වැරදි සන්නිවෙදනය වැරදි අවබොධයක් ලබා දෙනවා.පෙම්වතියගේ වචන වලින් නොකියා ඉගි බිගි පෑමෙන් දෙයක් කීම නිසා අදාල දේ ඔහුට තේරුම් නොයාමට පුලුවන්.


"මට අර ඇදුම අරගෙන දෙන්න,මම එකට ආසයි "

නොකිවුවොත් පෙම්වතා එය අරගෙන නොදීමට තියන ඉඩ කඩ වැඩි.එහෙම වුනහම කෙල්ල හිතනවා"එයා මට ආදරේ නෑ"එහෙම නොවි තමන්ට කැමති දේ හිතෙන දෙය කෙලින්ම පැවසීමෙන් ඔහුට ඔබව ඇයව තෙරුම් ගැනීමේ හැකියාව වැඩි.ඔබ ඔබේ මවගෙන් යමක් කෙලින්ම ඉල්ලන්නේ ඇයි..?


එහෙනම් ඇය අම්මා ඇයට ඔබව හොදින් තෙරුම් යන්න ඔනේ.එහෙම නොවී කෙලින්ම ඉල්ලන්නේ ඇය ඔබගේ මව නිසා නෙද ඔබ දන්නවා ඇය කෙසෙ හො ඔබව සතුටු කරන බව එ වගෙමයි පෙම්වතා ඔබ දෙයක් ඉල්ලනකොට ඔහු එය කෙසේ හො ලබා දෙනවා එයින් ඔබ හැන ඔහුගේ හිතේ විශ්වාසයක් ඇති වෙනවා..එයින් ඔහුගේ ආදරය ඔබට පෙන්නාවි..ඔබ හොද පෙම්වතියක් වගේම යාළුවෙක් හියලා හිතාවි මොකද යාළුවා ඔන දේ කෙලින්ම ඉල්ලන නිසා..එම නිසා ඔබේ හිතේ ඉබේ හටගන්නා ආදරය සැබෑවක් කරගන්න හැම විටම හිතලා මතලා හොදින් සැලසුම් කරන්න..

හොදයි කියලා හිතෙනවා නම් ශෙයා කරන්න....හිතේන දේ දැන්වත් කියන්න මොකද එය හිතේ තියා ගත්තා කියා ඔබටත් ඔහුට හො කාටවත් වාසියක් නොසැලසෙන නිසා.


***ස්කූබි***

11 comments:

  1. සිරා කතාව .. කෙල්ලෝ හිතාගෙන ඉන්නෙ අපිට දිවැස් තියෙනවා කියලා හිතේ තියෙන දේවල් කියවන්න..

    ReplyDelete
  2. හම්මේ... මූ අත් දැකීම් ගැන ලියලා.. :) :3

    ReplyDelete
  3. කෙලියා තාප්පෙටම... දැන් ඉතින් දත් ගැලවෙයි හිටු කියල...

    ReplyDelete
  4. මෙන්න මෙහෙම ඕපන් කතා කරනවනං ගැටලු ගොඩක් අහවරයිනේ. ඇත්තටම කෙල්ලො හිතන විදිය ගැන තව ලිපියක් ලියන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු අයියේ

      Delete