ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Thursday, May 22, 2014

ද දස ලක්ශ ලොතරයි.


හා හා පුරා කියල මමත් ආව ස්කූබිත් එක්ක බ්ලොග් එකක් ලියන්න කියලා , ඒත් කොහොම පටන් ගන්නද, මොනව ලියන්නද කියලනම් මට තේරෙන්නේ නෑ.අනිත් අයට වගේ ලස්සනට පද ගලපන්නත් බෑ. හැබැයි ලියන්න දේවල් නම් හුගක් තියෙනවා. කොහොමින් කොහොම හරි හාවෙක්ටත් ඔන්න අං දෙකක් ආවා .
හිතුවෙනම් මට උන කතා ටිකක් ලියන්න, කාටත් නොකියපු මගේම අත්දැකීම් වලින් , ආදර කතා , කෑම වට්ටෝරු වලින් මේ පිටු පුරවන්න කියල, ඒත් ඉතින් පටන් ගන්නේ කොහොමද .
හ්ම්ම්ම් පුංචි සිදුවීමක් කියල පටන් ගන්නම් පස්සේ බැරියැ තව තව ඒවා කියන්න,

ඒ දවස් වල මං 2 වසරේ .මං ගියේ ප්‍රාථමික බාලිකා පාසලකට.ඔව් 1 වසර ඉදන් 5 වසරට වෙනකන් විතරයි. ළමයි 1000ක් විතර හිටපු ලස්සන ඉස්කෝලයක්.

දිනේවා ලකබර පුන් සද සේ
දස දෙස කිතු ගොස පාන දිනේ
සැමදා සිප් කිරි පොවමින් වැජඹෙන අප විදුහල් මෑණි .

ජන නංවා , පොඩි බණ්ඩා (ටිචර්ලනම් කිවුවේ කොඩි බන්දා කියල )
මුදුනේ තබා සැමදා නැමදා
පුදමු සදා සමරමුකෝ (මට මතක නෑ)
අපේ පොඩි ඉස්කොලේ පාසල් ගීතය.

මම 2දි අපේ අක්ක 5වසරෙ. ඒ කියන්නේ තුන හතර පහ. අවුරුදු 3ක් වැඩිමල්. කොහොමත් මට ඉස්කෝලේ යන කාලේ බය වෙන්න දෙයක් නෑ. මොකද අපේ අක්කලා හෙන සෙට් එකක් හිටියා ආදී සිස්‍ය . එයාල නම තියල ගිහින් තිබ්බා, වෙලාවට මට පස්සේ එකෙක් හිටියෙ නෑ. මං තමා හැමෝගෙම සුරතලා . මට පස්සේ එකෙක් හිටියනම් ලෝක කරුමක්කාරයෙක් වෙනවා. මොකද තව එකෙක්ට නමක් මං ඉතුරු කලේ නෑනේ.

හැබැයි එකක් .මං හොදට ඉගෙන ගත්තා. කටු අකුලක පිපුන මලක් මමත් මෙහෙම හිටියට. හැබැයි නියගලා.

මට මතකයි අපේ ඉස්කෝලේ හිටියේ සර්ලා දෙන්නයි අනිත් ඔක්කොම සාරි අදින අය. ඒ සර්ලා දෙන්නා මාර විදියට මහන්සි උනා ඉස්කෝලේ නිකන් මොකක්ද වගේ කරන්න. බිමට ගල් අල්ලලා . උඩට උඩු වියන් වගේ කොළ පාට දැල් ගහලා, මල් හිටවල හැම තැනම . ඒ මදිවට බෝඩ් ගහල 


"මෙතන බත් කන්න එපා"
"අරම කලොත් ඌ මෙහෙම වෙනවා"
"ඔබ ඌට එක කලොත් ඌ එක ඔබට කරනවා"
"අර පඩිපෙලෙන් නගින්න මේකෙන් බහින්න"
"ඉස්සරහ වැටක් එහා පැත්තේ කටු අකුලක් පය තියන්නේ පරිස්සමින්"


අපිත් කඩල  ගොට්ටක් කකා ඕවා කියව කියව ඇවිදිනවා. මේ ලගදි පොඩි ඉස්කෝලේ පැත්තේ ගියා . හත් දෙයියනේ ඇයි කාන්ට් බිලිව් මයි අයිස් . එක නිකන් අනේ මන්දා.කොහොමත් ඉස්කෝල දෙකේම අපි අස් උනාට පස්සේ තමයි ඔක්කොම සුකුරුත්තන් ටික කලේ.
මං කියවන්න ගත්තම බටකොළ ආච්චි වගේ. කතාව මේකයි .
ඔන්න අපේ ඉස්කෝලේ 2 වසරේ ළමයි පොලක් තියන්න ලෑස්ති උනා, (මගේ වෙලාවට ඒ පොළ තිබ්බේ 2 වසරේ ළමයි විතරයි. ඕකට 5 වසර අක්කලත් සම්මාදන් උනානම් අපේ අක්කා හත් අවුරුද්දක් යනකන් මාව බයිට් එකට ගන්නවා හේතුව තේරෙයි ඔහොම යද්දී ) හැමෝටම මොන මොනා හරි ගේන්න බාර උනා, මට බාර දුන්නේ බිත්තර 30ක්. තව එක්කෙනෙක්ට හාල්. තව අය පොල්. තව අය සිනි, කඩල, පරිප්පු, බිස්කට් තව ලෝකේ නැති ඔක්කොම. තව ඔය මුට්ටි අල්ලන අම්මලා තාත්තලා ඉන්නේ ඉස්කෝලේ පැලපදියම් වෙලා හිටපු අය එහෙම හෙනටම බර කරට ගත්ත.ඇයි ඉතින් නැගිට්ට ගමන් ඉස්කෝලේ දුවන් එනවා දත් මදින්නේත් ඉස්කෝලේ ඉදන්, රෑට ගෙදර යන්නේ ඉස්කොලෙන්ම නයිටියත් ඇදගෙන ඇදට වැටෙන්න බලාගෙන.

ළමයින්ගෙන් බාරගත්ත බඩු එකතු උනා . කට සද්ද අයව බඩු විකුනන්න දැම්මා ඒ කියන්නේ කෑගහන්න ඕනේ වට්ටි අම්මලා වගේ. කෑගහන්න ඕනේ විදිය එහෙම කියලත් දුන්නා. මං පින් දෙනවා මගේ කට සද්ද නොවුන එක ගැන, ඇයි දෙයියනේ මං පොලේ බඩු විකුණනවා අහල පහල අදුරන ඇන්ටි කෙනෙක් එහෙම දැක්කොත් කොහොමද මං සුදු ගවුම ඇදගෙන පාරේ බැහලවත් යන්නේ. අනිත් අයවත් බෙදල දැම්මා බඩු විකුනන්න.දින ටික ටික ලං උනා . පිට්ටනිය වටේ මඩු හැදුණා.අපිත් හෙන බිසී. බොරුවටත් එක්ක ගෙදරින් ඇදුමක් අරන් ඇවිත් එක ඇදගෙන වැඩ කරනවා, අන්තිමට කරපු වැඩකුත් නෑ මද නාගෙන යනවා.
කොහොම හරි කලින් දවසේ ටීචර් කිවුවා . "අනිත් අයත් නිකන් ඉන්න එපා මොන මොනා හරි ගෙන්න . සමහර විට අම්මල ලග මාරු සල්ලි නැති වෙනවා .චුටි ළමයිව අරන් එනවා . ඔයාලත් ටොෆි චොකලට් වගේ දෙයක් ගෙනත් විකුනන්න" කියලා. ඔව් ඉතින් ඒවා ගන්න ඕනෙත් අපේ සල්ලි වලින්නේ . ඒගොල්ලන්ට නම් මොකෝ. මට ඉස්සර ඉදන් අද වෙනකන් හෙනම අමාරුවක් තියෙනවා වෙනස් දෙයක් කරන්න. එයා එහෙම නම් මං කරන්නේ මෙහෙම . කොටින්ම කිවුවොත් සෙකන්ඩ් වෙන්න හිතුනේ නෑ . මං හිතුවා මං වෙනස් දෙයක් කරන්ඩ ඕනේ කියල .නිකන් මොකටද වට්ටි අම්මලාගේ යටතේ ඉදන් බඩු විකුනන්නේ .පොඩි උනාට මටත් ආත්ම ගරුත්වයක් තිබ්බ.


"ටොෆි තමා හැමෝම ගේන්නේ
කුරුම්බැට්ටි මැෂින් ටිකක් හදන් යනවද ? නෑ නෑ ඕව සල්ලි දීල ගන්නේ නෑ"

"අච්චාරු ? අපෝ අම්මා බිත්තර 30කුත් අරන් දීලා අච්චාරුත් හදල දෙන එකක් නෑ "

හිතුවා හිතුවා 1000ක් දේවල් හිතලා හිතලා අන්තිමට එකක් තෝරගත්තා.

පොළ පටන් ගත්තා . බඩු විකුණන ළමයි රෙදි හැට්ට ඇදගෙන වට්ටි අම්මල වගේමයි බලන බලන ඇත " රතු පාට කහ පාට කොළ පාට රෝස පාට බියුටිෆුල් මල්" වගේමයි. ඔන්න කට්ටිය තම තමන්ගේ තැන් වල ඉදගෙන ඉන්නවා. සමහරු කෑම පෙට්ටිය ඔතාගෙන ආපු සර්වියට් එක එහෙමත් තියාගෙන වන වන ඉන්නවා . මාළු මාකට් එකෙයි එළවලු මාකට් එකෙයි සංකලනයක් .

අම්මලා එන්න ගත්තා . ඕකට ඉතින් සත පහක් ඉස්කෝලෙන් වියදමක් වෙන් නෑනේ .ළමයිනේ බඩු ගෙනාවේ. 100%ක ලාබේ ලැබෙන්නේ නම් ඉස්කෝලෙට. ඒ නිසා හැමදේම විකුනන්නේ කඩේ ගානට වඩා අඩුවෙන් , ඉතින් අම්මලා පිරුණා. 2 වසර අම්මල විතරක් නෙවේ මුළු ඉස්කෝලෙම ළමයිගේ අම්මලා අපේ අම්මා එදා ආවේ නෑ හේතුව නම් මට මතක නෑ . කොහොම හරි මාත් මගේ යාලුවෙක් ඇදගෙන ගිහින් අර ලෑල්ල අරන් ආවා.
ඉෂාරා කියල කෙල්ලෙක් පොල් විකුණනවා ඉටි රෙද්දක් එලාගෙන පිට්ටනිය දෙවනත් වෙන්න .
"පොල් පොල් නෝනා ගන්න පොල් ලාබයි 10. 15යි 20යි ගන්න පොල් අනේ අපෙනුත් ගන්න පොල් "
තව එකෙක් "එලොලු ලාබයි නෝනා එලොලු ලාබයිකිලෝ එක විසි පහළොවයි එලොලු ලාබයි අලුත් එලොලු ගන්න නෝනා "

අනිත් උනුත් ඊට දෙවෙනි නෑ .කොහොම හරි අපිත් පටන් ගත්තා, අපි කිවුවට මමයි එක යාළුවෙකුයි විතරයි ඉතින් .
මෙකි මටත් වඩා මෝඩයා. දවසක් නහයෙ සුදු ඉරක් තියෙනවා .අපි අහල බලද්දී පෑන් ඉරක් ඇදිලා පස්සේ ගානට අර පෑන් ඉර උඩින් නහය ටිපෙක්ස් කරලා. වරදක් කියන්ඩත් බෑ ඉතින් කොහොම හරි පෑන් ඉර මැකුනනේ. ටිපෙක්ස් ඉර විතරයි නහය මැද තිබ්බේ. ඒ හින්ද අවුලක් නෑ.
එකෙන් වැඩක් නෑ. අපිත් පටන් ගත්තා අපේ බිස්නස් එක .

"ස්විප් ස්විප් ගන්න අද අදිනවා අනේ නෝනා ස්විප් . ලක්ෂ දහයයි අද අදිනවා ජය මල්ල ලක්ෂ දහයයි . නෝනා ගන්න ස්විප් "

 
ඇත්තටම අපි කිවුවේ මොනාද කියල අපිවත් දන්නේ නෑ . කවුරුත් ගත්තේ නෑ . මට මතකයි ඇන්ටි කෙනෙක් ලගට ගියාම අනේ එපා පුතේ කියල ඔලුව අතගෑවා.අපිත් අතාරියේ නෑ. අනේ අපි පිට්ටනිය වටේම ගියා . කට්ටිය අපි දිහා බලල බෝඩ් එක දිහා බලල හිනාව තද කරගන්නවා . අනේ අවුවේ කට්ට කාගෙන පිට්ටනිය වටේ යනවා. අනේ කපුරු බෝල නම් එකක් හරි විකුණගන්න තිබ්බා. අපි දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. බලන බලන අම්මලා හිනා වෙනවා අපිට. දිනේ පරණ උනාට ලොතරැයියක් ඇදුනොත් උන් හිනා වෙයිද. අපිට තරම් බුද්ධියක් තිබ්බ කෙනෙක් එතන හිටියේ නෑ. ඉතින් අපේ දස ලක්සෙට උරුම කම් කියන වාසනාවන්තය හෝ වාසනාවන්තියව බිහි කරන්න එදා අපිට බැරි උනා.ඉතින් ඉදලා ඉදලා බැරිම තැන මම යාළුවගේ කෙස්  වල්ලෙන් ඇදගෙන අපි අපේ ටීච ලගට ගිහිල්ලා මෙහෙම කිවුවා

…" ටීච මොන මගුලක්ද මේ එක්කො මුන්ට වාසනාව නෑ එක්කො අපිට වසනාව නෑ.............................
…උදේ ඉදන් කෑ ගහලා උගුරත් බොර් වෙලා ගොර ගොර ගානවා එන එවුන් අපි දිහා බලලා හිනා වෙලා යනවා ඇයි අපිට අඩා කොලන් නැද්ද ? ඇයි මුන් මීට කලින් මළ සමයන් ටිකට් විකුනනවා දැකලා නැද්ද ?......... හිනා වෙන්න ගිණි තියනවා මුළු පොලම හරිය "


…අනේ ඉතින් අපේ අහින්සක ටීච මන් දිහා හොදට බලලා ටිකට් ලෑල්ල දිහා තවත් හොදට බලලා මෙහෙම කිවුවා

 "පුතේ පරණ ටිකට් පොලේ විකුනන්නේ නෑනේ ඔයාලගේ කඩේට ගිහින් ඔයාලත් බඩු විකුනන්න"


අම්මට සිරි කිවුවාලු සිං ගාලා සිකට් ලෑල්ල දිහා බලපු මන් ටිකට් ලෑල්ල ටක් ගාලා යළුවගේ අතට දාපු මන් අයෙත් එකිගේ කෙස් වල්ලෙන්ම ඇදගෙන අර මුලින් තිබ්බ ආත්ම ගරුත්වේ සාක්කුවේ දාගෙන. ටොයිලට් එකටත් ගිහින් සයින් කරලා හිමින් සැරේ අපේ කණ්ඩායමේ කඩේට ගියා . 

සීන් එක මේකයි මං මතක ඇති කාලේ ඉදන් අම්මයි තාත්තයි ගේන ලොතරැයි තියෙන්නේ ටිකට් ටිකට් අන්න ඒවා එකතු කළා, .හෙන මිටියක් තිබ්බා මං ලග . අපිට ඉතින් ඕවා ඇදෙන එකක්යැ .මං ඔය මිටියත් අරන් තාත්තා ලගට ගියා.

"තාත්තේ ටීචර් මේවා ලෑල්ලකට ගහල හදන් එන්න කිවුවා " 


 තාත්තා ලස්සනට එක හදලා දුන්නා . ඒ විතරක්ද කළු ගල් කෑල්ලකුත් දුන්නා ගැලවුනොත් අත තලාගන්නේ නැතුව ගහගන්න කියලා. පහුවදා මං ඕකත් අරන් අනේ ඉස්කොලෙටත් ගියා .

ඊට කලින් දවසේ රෑ මම විහිළුවට හරි මං ඕක "තාත්තේ ටීචර් හදන් එන්න කිවුවා "නොකියා "තාත්තේ මට හෙට පොලේ විකුනන්න ගෙනියන්නේ " කියල තාත්තට කිවුවනම් තාත්තා ඕක හදල දෙන්නේ නෑ. නම් එදා ඔහොම නොන්ඩි වෙන්නෙත් නෑ.පුරුවේ පිනකට අපේ අක්කන්ඩිලට පන්ති වලින් එලියට යන්න තහනම් එදා. 2 වසරේ අපි විතරයි එළියේ කමක් නෑ ඉස්කෝලේ ලමයි 1000ක් ගේ අම්මලයි අපේ ළමයි ටිකයි ටිචර්ලයි විතරනේ දැක්කේ අවුලක් නෑ.

ගෙදර ගියාම තාත්තා ඇහුවා මොනාද එකෙන් කලේ කියල.මම ඉතින් ලැජ්ජාව දොතින් වහගෙන මෙහෙම කියලා ශෙප් උනා


"එක නිකන් තියල තිබ්බා තාත්තේ "
 

එතකොට මගේ ආදරණීය පියා මොකද දන්නවද කිවුව...............

"එහෙනම් කමක් නෑ. නැත්නම් බැටරියක් දාලා මයික් එකකුත් සෙට් කරලා දෙන්න තිබ්බා ඊයේ වෙලා තිබ්බේ නෑනේ "

කාට කියන්ඩද මේවා


~ හාවි ~

37 comments:

  1. පලවෙනි කමෙන්ට් එක මගෙන් :3

    උබේ ඒ ගතිය තාමත් එහෙමම තියෙනවා නේ :v

    අවුලක්ම නැහැ .. ලෙසටම සුබ පතනවා .. ජය කෙල්ලේ ... උබට දිග අනාගතයකට ආසිරි

    ReplyDelete
  2. :v :v

    ෆොන්ට් සයිස් ලොකු කරපන්... :D අකුරු වල

    එල සුබ පැතුම්... ^_^ සුබ බ්ලොග් අනාගතයක්

    (තව word verification අයින් කරහන්

    setting > post and comment > Show word verification > no)

    ReplyDelete
  3. අම්මොච්චියේ ඉතින්. ඔන්න ඔහොමලු හාවි ටිකට් විකිණුවේ.
    ජයවේවා..
    දිගු බ්ලොග්ගුවකට ආසිරි..!
    -නොතිර සසර
    ඇනෝ කමෙන්ටුවක් දාන්න වුනේ ලොගින් අවුලක් නිසා

    ReplyDelete
    Replies
    1. ela thank u bn :D ado bite karanda ottu na

      Delete
  4. එල.....
    මමත් බ්ලොග් වලට අලුත්.... එක නිසා අඩු පාඩු පෙන්නන්න දන්නේ නැහැ.. මගේ බ්ලොග් එකත් බලලා හොද නරක කියන්න...
    මොකද අපි දෙන්නේම එක දේකට කැමතියි..... ෆුඩ්ස්....., රෙසිපි!
    www.pathum382.blogspot.com

    ReplyDelete
  5. හම්මේ නෝනා ටිකට් :3
    ප්ලීස් ඈ..
    දිගටම දෙමු දෙන්නම එහෙනං.
    ජයවේවා!

    ReplyDelete
  6. සිරා බන් මෙහ අකුරු ටිකක් ලොකු කරපන්..කියවන්න අමාරුයි අපි වගේ වයසක උදවියට

    ReplyDelete
  7. ආ ආ පොඩි ගතියක් තියනවා ඈ - පින්කා-

    ReplyDelete
    Replies
    1. පොඩි නෙවේ ලොකු ගතියක් තියෙනවා >_<

      Delete
  8. ස්විප් ස්විප් ගන්න අද අදිනවා අනේ නෝනා පරණ ස්විප් . ලක්ෂ දහයයි අද අදිනවා ජය මල්ල ලක්ෂ දහයයි
    පරණ ස්විප්..................
    එල ඈ .... දාපු පළවෙනි එකම සිරා ..
    ජයවේවා ....!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  9. :v :v :v
    හම්මේ මට තාම හිනා
    සුභ පැතුම්ම්!!!

    ReplyDelete
  10. අඩේ එළනේ බන්. උඹට මෙච්චර හොඳට ලියන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියේ නෑනේ. මේක දිගටම කරගෙන පලයන් බඩ තඩි සිගරට් හාවි. සුබ පැතුම් ඈ. (Y) එල එකක්!

    ReplyDelete
    Replies
    1. පේනවනේ අපි සැගවුන දක්සතා වලින් හෙබි හාවෝ

      Delete
  11. hukazz...thaththath duwata deweni na.....

    ReplyDelete
  12. එළකිරි නේ හාවී... මන් බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගත්තේ.. දිගටම ලියමු ආ

    ReplyDelete
  13. හම්මේ තාම හිනා..
    කොහොම වෙන්න ඇද්ද....
    අඩේ හාවී හූඌඌඌඌඌඌඌඌඌ

    ReplyDelete
    Replies
    1. අඩෝ කිවුවා බයිට් කරන්ඩ ඔට්ටු නෑ >_< :3
      එල ටුටුවෝ

      Delete
  14. //මට පස්සේ එකෙක් හිටියනම් ලෝක කරුමක්කාරයෙක් වෙනවා. මොකද තව එකෙක්ට නමක් මං ඉතුරු කලේ නෑනේ.//

    දැට් වර්ඩ්ස් ඕසම් ඈ.... අළුත් උනාට පට්ටයි ඈ. මරු. සුභ අනාගතයක් අක්කෝ... විස් යූ ඕල් ද බෙසට්... ලියමුකො ඈ. අපිත් එන්නං මේ පැත්තේ :D

    ReplyDelete
  15. හි හි.... මම 2 වසරේ ඉද්දි දවසක් මිස් ගම් අරන් එන්න කිව්වා ඉන්ටවල් එකට කලින්... අපි ඉන්ටවල් එකේ ගම් හොයාගෙන ගෙවල් වල ගියා ළමයි හතර දෙනෙක් මිසින්ග්... ඉස්කෝලෙම කලබල වෙලා ලිදවල් හිටන් පීර පීර හොයල... අපි ඉස්කෝලෙට එනකොට පොලිසියටත් දන්වල ඉවරයි ලු....:D

    ReplyDelete
    Replies
    1. :v මං වගේ එකෙක්ද මන්ද

      Delete
  16. lassanai akke. nawaththan nathuwa digatama liyanna. :-)

    ReplyDelete
  17. හම්මේ ගම කාලා පොඩි කාලෙ ඉදන්ම. නියමයි හාවි. දිගටම ලියමු ;) (Y)

    ReplyDelete
    Replies
    1. එකනේ මං කිවූවේ මං එදත් මෝඩයා අදත් මෝඩයා :3 එල :D

      Delete
    2. හෑ තව එකක් අමතක වෙලා. හෙටත් මෝඩයා :v :D

      Delete