ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Friday, May 30, 2014

කතා කරපු පුසා





මේක උනේ මිට අවුරුදු 10කත විතර කලින්. මං එතකොට 6 වසර හරි 
 7 වසර හරි. අපේ ලොකු අම්මගේ දුවෙක් ඉන්නවා. එතකොට එයාටත්
 ඇති 22ක් විතර. අපෝ ඒ දවස් වල  පුදුම බෝගන්විලා පිස්සුවක් එයාට 
තිබ්බේ.  උදේ ටයි හවස ගෙදර ආවාමයි අර මල් වලට දුන්න වදයක් වතුර
 දානවයි ඇට දානවයි (මල් වලට දාන ඒවා ඈ ) එක විකාරයයි.  ඔය බෝගන්විලා වලට 
හොදට අවුව ඔනෙලුනේ. ඒ කාලේ ඉතින් ඔය පෝච්චි
 තියන්න හොද තැනක් සෙට් උනා.  වෙන කොහෙවත් නෙවේ අපේ 
 ගෙදරට අලුතින් හදපු නානකාමරේ වහලෙ උඩ . ඉතින් අක්කත් එයාගේ
 මල්ලි අපේ අයියා එයාට කියල පෝච්චි ටිකට උසස්වීමක් දුන්නා. 
 දැන් අපේ නාන කාමරේත් හෙන ලස්සනයි . වහලෙ උඩ රෝස පාටින් 
රතු පාටින් සුදු පාටින් බැබලෙනවා.

දැන් අක්කත් උදේටයි හවසටයි හැමදාම අපේ නාන කාමරේ වහලෙ උඩ.
 එකට නගින්නම ඉණිමගක් එහෙමත් කොයි වෙලෙත් බැබලි බැබලි තිබ්බා.
දවසක් මටත් ඔය ලොකු අම්මගේ දුව ගැන හෙන අනුකම්පාවක් ඇති උනා,
අනේ පව්. හැමදාම හව ස මහන්සි වෙලා ඇවිත් වහලෙට නගිනවා. ලකුණු 
ටිකක් දාගත්තකිනේ. මං නොකා නොබී ඕක කල්පනා කළා. ඉතින් දවසක්
 ගේමට මාත් එන්ටර් උනා. ඉස්කෝලේ ගිහින් ඇවිත් කාලා බිලා එහෙම ඉණිමග ලගට ආවා. හයියෙන් අල්ලාගෙන හෙමින් හෙමින් වහලෙට නැගගත්තා.

හරිම ලස්සනයි. මල් වලට වතුර දාන්න යද්දී මතක් උනා , කෝ හෝස් 
බටේ . හත් දෙයියනේ එක බිම.

අනේ ඉතින් ආයේ ඉණිමග ලගට ආවා . කකුලක් තිබ්බා . ඉණිමග මෙන්න
 යකෝ හෙල්ලෙනවා.  මගේ කකුල් වයිබ්රේට් වෙනවා. තිබ්බ කකුල 
ආයේ ගත්තා, අනිත් කකුල තිබ්බා , ම්ම්ම්හ් ඒත් බෑ. කොහොමද දැන් 
බහින්නේ. වහලෙ එක පැත්තකින් ගෙදර කුස්සියේ වහලෙ. අනිත් 
පැත්තෙන් ළිද. ළිද වටේම කොන්ක්‍රීට්, අම්බෝ තාම බැදලත් නෑ මැරෙන්න
 බෑ. අනිත් පැත්ත ඊට වඩා පාතයි . ගල් පොලොව. ඉණිමග තියෙන 
පැත්තේ  වහලෙ උසටම තියෙන නාරං ගහ හිනා වේවි ඒ ලගම. 
පොඩි ඉඩක් තියෙනවා එතන වැලි  පොලොව.

මං ලෝක හතරක මෙවුවා වෙලා. ඉණිමග පෙරලුනොත් නාරං ගහේ ,  
කමක් නෑ මැරුණත් මං පනිනවා.
නාරං ගහ ලග තිබ්බ පොඩි ඉඩට මං පැන්නා . නාරං අත්තක් එහෙමත්
 කඩාගෙනම ඉන්දුනා  . හොද වෙලාවට මොලේ  බිම ඇනුනේ .
  ඕක ඉතින් ඉදගන්න හැම තිස්සෙම තැලෙන එකනේ . බලන්ඩ ලස්සනයි
 ඇත පුරාම නාරං කටු මෝස්‌තර.  මට ඉතුරු ටික කියන්ඩ ලැජ්ජයි .

පස්ස මගේ  පුපුරු  ගහයි
අමුතු සීතලක්     දැනුනයි
නාරං කටු මං       ගලවයි
එහෙමම ඉදගෙන හිටියයි

නැගිට ගන්න බැරි වෙද්දී
ඇහුනු දේට   කන් දෙද්දී
දැක්කේ    එහෙමම ඉද්දි
පූසෙක්   මට හිනැහෙද්දී

මොනවද   තෝ කියවන්නේ
ඇයි තෝ මට හිනැහෙන්නේ
ඌ හිනාව          නවතන්නේ
කිවුව දේට       මට ඇඩුනේ

හිනා නොවී    කෝම ඉන්ට   
දකිද්දී බෑ        උහුලන්නට
වහල තිබ්බ   මගේ බෙට්ට  
උඩ ඉදගෙන උබ   අගේට


***හාවි***



16 comments:

  1. කේක් ඇනවුම් බාර ගනු ලැබේ....
    :3
    අඩේ හාවී ඒ දවස් වල ඉඳන් තොට කොයිල්

    ReplyDelete
  2. කේක් ඇනවුම් බාර ගනු ලැබේ....

    ReplyDelete
  3. තාම හිනා... :v

    ReplyDelete
    Replies
    1. boru meage.mata pbt kiwa melo rahak na,havige hita hafenda mehema danawa kiala
      -pinks=

      Delete
  4. උබේ කවිත් මරු හවියෝ

    ReplyDelete
  5. //ඕක ඉතින් ඉදගන්න හැම තිස්සෙම තැලෙන එකනේ // සුකුබිය කරන දේවල් හිතාගක්ත හැකි මේ ටිකෙන් හූ .... හුූ.... ඌ.....

    ReplyDelete
  6. පස්ස පස් ස පස්ස හාපැටියගෙ පස්ස

    ReplyDelete
  7. ///මේක උනේ මිට අවුරුදු 10කත විතර කලින්. මං එතකොට 6 වසර හරි
    7 වසර හරි.///

    දැං උඹ එතකොට 16 වසරේ??? :P

    කේක් ඇනවුම් බාර ගනු ලැබේ.... :3

    ReplyDelete
  8. හතර විලි ලැජ්ජාවේ බෑ ..

    ReplyDelete