ලොවෙත් නැති ලොවේ ගහෙත් නැති එන්න කියවන්න අපේ බයිලා

Friday, May 23, 2014

ඒ පැදුරක් ගෙනාවද දවල්ට ගැහුවොත් නිදාගන්න.





අපි දෙන්නගේ බ්ලොග් එක ලියන්න ගත්ත එක නිකන් මට කසාද බැන්දා වගේ, නිකන් පොඩි එකෙක් හම්බුනා වගේ. මට කොහොමත් තනියම කියෝන පිස්සුව තියෙනවනේ, මෙහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යද්දී මාර ජොලි. මං මාවම බයිට් කරගන්නවද මන්දා , නෑ නෑ මං මේ කියන්නේ මට උණු පිස්සු වැඩ ගැන.

 මං පොඩි කාලෙ ඉදන් ටියුෂන් පන්ති ගියෙ අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් ලගට. ගෙවල් ලග කිවුවට මීටර් 300ක් විතර එහා. ජයන්ති !! අපි අක්ක කියන්නෙ ඉතින් පුරුද්දට. එයා කොළඹ පැත්තේ ඉස්කෝලෙක කොමස් ටීචර් කෙනෙක් . ඒ උනාට එක වසරේ ඉදන් 8 වසර වෙනකන්ම ළමයිට ගෙදර සිංහල ගණන් උගන්නනව . මේ පැත්තේම කොමස් වලට ළමයි ඔක්කොම ක්ලාස් එන්නේ එයා ලගට. institute එකයි දෙකයි තුනකම කොමස් උගන්නනව. ඒ මදිවට ගෙදරත් උගන්නනව. පොඩි උන්ටත් උගන්නනව. අම්මල තාත්තලට උගන්නන් නෑ . මමත් පොඩි කාලේ ඉදන්ම ගියේ එයා ලගට.9, 10, 11 වසර ළමයිට නං එයා උගන්නන්න සර් කෙනෙක් ගෙන්නනව. මං කලින් එකේ කිවුවනේ අපේ අක්කල හැට හුටාමාරක්ම මට කලින් ඉගෙන ගත්ත හින්ද මට නිකන්ම ඉස්කෝලෙයි පන්ති වලයි ප්ලේස් එකක් තිබුන, ආ මේ අරගොල්ලන්ගේ නංගිනේ කියල ,මල් මාල දාල පාවඩ දාල පිළිගත්තෙ ඒකාලෙ පුතේ ඒ ටීචර්ට හිටියා පොඩි උන් දෙන්නෙක්, හිටිය කිවුවට තාම ඉන්නව, මට හෙන ලව්. මාත් හෙන ආසයි. හෙන හුරතල් . සුකුමාලයි . මම ඉතින් අල්ලපු වැටේ හින්දා මට කිවුව දවසක් පොතක් දීලා මේ දෙන්නට මේක කරවන්න නිකන් ඉන්න වෙලාවට ඇවිත් . ඒ කියන්නේ ටීචර්ගෙ ළමයිගෙ ගුරා . ඕක තමා ඉතින් පටන් ගැන්ම. පස්සේ මං 8. 9 වසර ඉද්දි පොඩි අයට උගන්නන්න එන්න කියල ක්ලාස් එකට එහෙම ගෙන්න ගත්ත. පස්සේ පස්සේ කලින් එපොයිමන්ට් එකක් දාන්න උනා ටීචර්ට.


 මොකද පොල්ලෙන් ගහන්න එක  වගේ එන්න කියනකොට මං ගෙදර හැංගිලා හිටිය වාර අනන්තයි . බයට නෙවෙයි වෙන මෙවුව එකකට. එයාගේ අර කොමස් පන්ති තියෙන්නේ අන්න එවල හැම අවුරුද්දෙම අන්තිමට ඕලෙවල් වගේ පේපර් එකක් දෙනවා . ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙද්දී . අම්බෝ ඕලෙවල් තව හොදයි මේකනේ විභාගේ. ඔය විභාග දවස් වලට මං තමා ඉතින් සාලා වල බාරකාරයා. අවුරුද්ද අන්තිමට අර institute 3ම 10 වසර 11 වසර විභාග තිබ්බ. පන්ති 6ක් නෙ ඉතිං දවස් 6ක් .මාත් නැට්ට වගේ යන්න ඕනෙ ටීචර් එක්ක .එක පන්තියක 80ක් වගේ ඇති ළමයි .කෙල්ලෝ නං යකාට ගියාවෙකො . කොල්ලෝ 50ක් බලාගන්නවා කියන්නෙ . සෙල්ලන්ද නෙහ් , හම්මේ කාව තෝරගන්නද හිතාගන්න බෑ. ඒ කාලෙ මං 8 වසර සුකුමාල අහිංසක කෙලි පොඩිත්තක් . ඒගොල්ලෝ 10 11 වසර අයියල. (ඒ පන්ති වල අයියලා නොදකිත්වා ) කොහොම හරි ඔය විභාග පේපර් බලන්නෙත් මං. අක්කා උත්තර ලියල ලකුණු දාන්න ඕනේ විදියත් එක්ක ලියලා රවුම් කරල ලස්සනට දෙනවා ඔලුව එහෙම අතගාල. අනේ අහිංසක මං ඉතින් ගොන්නු බදින කනුවනෙ , රෑ එලි වෙනකන් පේපර් මාකින් , ඔය සෙල්ලම මමත් ඕලෙවල් වයසට එනකන්ම කළා. මාත් ඉතින් ඔය විබාගෙට මුණ දුන්නනේ 10දි 11දි .අනේ මගේ පේපර් එක විතරක් කපල කොටලා අක්කා බැලුවා හෙනම කෘර විදියට. මං නහයෙන් අඩ අඩ බලන් හිටිය .කියන්ඩ සන්තෝසයි මගේ අවුරුදු දෙකම මම පන්තියේ පළවෙනිය.එක ඉතිං මගේ හැකියාව එක වෙනම කතාවක් . මොනා උනත් ඒ ටීචර්ට අදටත් මං හෙන ආදරෙයි. මොකද උගන්නන එක උගන්නව ආයේ නෑ මාරු. (මේක කිවුවේ ඇත්තට ඈ ) අපි ක්ලාස් ගිය institute එකේ විතරක් ඔය අවුරුදු ගානම කාඩ් මාක් කලේ ෆීස් ගත්තේ ඒවා මෙවුව කලේ මම, (අනේ ඉතින් අහිංසක මට තිබ්බ කාඩ් ගොඩ. එකක් කියන්ඩද , "මාටියා" ඔය ඇති ) ඔය වැඩේට මට තිබ්බ වෙනම රාජකීය ආසනයක්, අනේ ඉතින් ඒ උනාට මට එතන පාඩුවෙ ඉන්නත් නෑ කාඩ් මාක් කර කර , අක්කා ටීචර් ක්ලාස් යන්නෙ මං එක්ක . මං අර වැඩ ටික කරනකන් එයත් එතන මගෙ ඉස්සරහට වෙලා ඉදගෙන ඉන්නව . පරිස්සම් කරන්ඩ එපයි උන්ව මගෙන්. ගෙදර යද්දිත් මාව අරලවනවා පරිස්සමින්. 


අපේ ඉස්කෝලේ සෙට් එකක් හිටියා , 10 දෙනෙක් විතර. ක්ලාස් එකෙත් අපි සෙට් එක හිටියෙ . දුකට සැපට රාණිලා , සොමවතිලා , ඇලිස් අක්කලා. ඔක්කොම අපේ අය තමා. ඔය පන්තිය තියෙනවනෙ එකේ බංකු 3ක් තිබ්බා .අපේ ප්ලේස් එක . හරියටම දොර කෙලින් තියෙන බංකු තුන . ක්ලාස් එකේ හුළං වදින තැන තමයි එක . කොච්චර ඉඩ නැතත් ඔය බංකු තුනට අත තියන්න එකෙක් එන් නෑ, ඇහැක් ඇරලා බලන්න ම්ම්හ් එකෙක් වත් නෑ. (කෙල්ලොන්ගේ පැත්තේ ඈ) ආවොත් නැගිටලා යනකන්ම බයිට් එකට ගන්නව . අනිත් උන් යකාට ගියාවේ, අපි අපේ ප්ලේස් එකේ රජ කරන් අපේ ආධිපත්‍ය පතුරවන් හිටියෙ . අපි හිටියෙ ඉස්සරහ පේලියේ නොවුනට පන්තියේ හොදටම ඉගෙන ගත්ත සෙට් එක වගේම ඉතුරු එක කියන්ඩ මට ලැජ්ජයි . කිකිලියෝ කියමුකො. දසයෝ කිවුවත් අවුලක් නෑ . තව අනේ මන්ද ඔක්කොම උන් අපි (කෙල්ලන්ගෙන් විතරයි ) අපිට accounts වලදි ගානක් දුන්නොත් ඉස්සෙල්ලම හදන තුන් දෙනාගේ පොත් තමා බලන්නෙ . මාත් එක්ක ඇටෑක් එකට තව කොල්ලෝ දෙන්නෙක් හිටිය, අපි තුන් දෙනා තමා තරගෙට හදන්නේ . (ගණන් ඈ ) හැබැයි ඒ අපෙ යාළුවො. අපි හැමෝටම විහිළු කරන කොල්ලෙක්ගෙ නමක් තිබ්බා. කොල්ලො ඇරෙන්න වෙන වෙන කාඩ් එහෙමත් තිබ්බ ඉතින් ඒකත් වෙනම කතාවක්. ඕවලින් වැඩිම කාඩ් ප්ප්‍රමාණෙකට හිමිකම් කිවුවෙත් මං එක තවත් කතාවක්. හැබැයි ඒ විහිළු කවදාවත් යාලු කම් වලින්, විහිළු වලින් එපිට ගියේ නෑ .කොච්චර දග උනත් අපි ට ලව් සික් එක නෑ. අපේ එකා එකා අතරෙත් තිබ්බෙ ඉගෙන ගන්න තරගේ. දෙන්නෙක් ගේ ඇරෙන්න. ඔය ක්ලාස් එකේ කොල්ලෙක් හිටියා සෝමපාල කියන්නං හරිද, සෝමපාලගෙ නම කියල තමා මට විහිලු කලේ. ඒත් අපෙ යාලුවෙක්. අනිත් අයටත් එක එක නම් කිවුව . අපි සෙට් එකෙන් ෆෝන් තිබ්බේ මටයි තව එක්කෙනෙක්ටයි. කාගේත් හුරතල් ෆෝන් දෙක උනේ ඉතින් ඔය දෙක තමා. කොච්චර යාළුවො හිටියත් මං හෙන කේන්තියි ඒ කාලේ ඉදන් ලව් මාන්දම ඔලුවට ගහනවට . අපේ සෙට් එකේ දෙන්නෙක්ටම ඕක තිබ්බ, දෙන්නගෙන් එකෙක් ට ෆෝන් එකක් තියනවා, අනිත් ඒකීට නෑ. මගේ ෆෝන් එකෙන් තමා මල් කඩන්නෙ.අපි සෙට් එක කතා වෙලා ඒ එෆෙයාර් එකට ගේම දුන්නා. මං ලගනේ ෆෝන් එක තියෙන්නේ . ඉතින් එයා වගේ අපි මු එක්ක මැසේජ් කරලා යාලුවව එපාම කෙරෙවුවා. කොහොම හරි අපිට එයාව හදන්න බැරි උනා . දැන් නම් බැදල දැන් නෙවේ බැන්දෙ අවුරුදු 19න්ද කොහෙද. මොන මගුලක්ද, බැක් ටු ඉස්ටෝරි , අපි ඕලෙවල් දවස් වල යුද්දෙ එහෙම තිබ්බ, 2008 . ඉතිං දවසක් රෑ තමයි රෑ . , මමයි අක්කයි අපේ කාමරේ නිදි .තාත්තා එහා කාමරේ නිදි .එදා තාත්තා පොඩ්ඩක් අර සැර තේ ටිකක් එහෙම බිලා හිටියේ. මගේ තාත්තගේ එක හොදක් තිබ්බ කවදාවත් එක යාළුවෙක්ව වත් ගෙදරට ගෙනත් බිල නෑ . ගෙදර ඇවිත් කාලා තනියම චුට්ටක් බිල පාඩුවේ නිදාගන්නවා . ඒත් හැමදාම නෑ.හ්ම්ම් හ්ම්ම්ම්ම්ම් 



එක පාරටම එදා රෑ තාත්තට කෝල් එකක් ආව, තාත්තා අපිට කතා කරලා කිවුවා 

 "පුතේ ඇදෙන් බැහැලා බිම නිදාගන්න" කියල. 


මොකක්ද කෑම්ප් එකක තාත්ත අදුරන ලොක්කෙක් කෝල් කරල තියෙන්නෙ .අපේ පැත්තේ තියෙන ගෑස් මෙවුව එකට කොටි ගහන්න හදනවා කියල හෙන හුට්ටප්පරයක් කියල 

කොටි ගැහුවොත් ගෑස් එකට 
පැත්තම සුන් අපෙ කරුමෙට
පැදුරෙ නිදාගනින් හොදට 
හානිය අවමයි එතකොට

 අනේ දෙයියනේ අක්කයි මමයි සීට් එකක් එලාගෙන බිම ගුලි වෙලා නිදාගත්තා. අනේ මගේ මනුස්සකමක මහත !!! මගේ අසරණ යාළුවො. උන්ගෙන් තොර ලොවක් කොයින්ද. අනේ මල ගෙවල් කීයක්ද බෑ බෑ විභාගේ උගුර ලග . ඔක්කොම උන්ට මැසේජ් යැවුවා . ඉස්කෝලෙ යාළුවො!!!! අනේ උන්ට ෆෝන් නෑ කියල මැරෙන්න දෙන්න පුලුවන්ද එහෙම. හැමෝගෙම මොකක් හරි contact නම්බර් එකක් on the spot . අරයගෙ අක්කගෙ ෆෝන් එක. අරයගෙ තාත්තගෙ , අරයගෙ අයියා. මෙයාගේ ලඩකාබෙල් සී ඩි ඇම් ඒ . සෝමපාල . එතකොට අර අනිත් දෙන්න උනුත් ඇතුලත්. මොකද උන් හිටියේ ඒ කිට්ටුවමයි.ඔක්කොම මගේ යාළුවො. මරණය අභියසද අපි මේ ඉන්නේ. ජිවිතෙන් සමු ගන්න වෙයිද කියල හිත හිත අපි නිදාගත්තෙ . හම්මේ මගේ මැසේජ් එක


 " me ara *****. ekata koti gahanna yanawalu. bima nidaganna. nt a joke.**** eke ekkenek kiwuwe " 


අනේ පහුවදා වෙද්දී වෙලා තිබ්බ දෙයක්. වෙනද වගේම ඉර පායලා හරිම ලස්සනයි. ගස් වල මල් පිපිලා කුරුල්ලෝ කුන්චනාද කරනවා. මට සුපුරුදු බඩේ අමාරුවත් ආවා. ඉස්කෝලේ යන්න බෑ අනේ මගේ බඩ . මං මැරෙයි . අනේ අම්මේ .අනේ තාත්තේ . අනේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ මං මැරෙන්න යන්නෙ . මං ජිවිතෙන් සමුගන්න කලින් එකම ඉල්ලීමක් කරන්නම් අද ඉස්කෝලේ යන්න බෑ . ම්ම්හ් ..... මොන යන්නම උනා . ඔව් මං හරිම නිර්භීත විදියට ඔලුව සාක්කුවේ දාගෙන ඉස්කෝලෙත් ගියා. . මගේ පන්තිය මා එනතුරු මග බලමින් . කට කතා යන්න දෙයක් තිබ්බේ නෑ ඉතින් මම ම හැමෝටම පණිවිඩේ දීලනෙ තිබ්බේ . අනේ මට හැදුන කාඩ් ගැන කියන්න ඕනෙද. එපා එපා.

 "ඒ මේ කොන්ද රිදෙනවද බිම නිදාගෙන "


 "yko අපි ඒ වෙලේ හොදටමනිදි. " 


 "ඒ සෝමාවතී (මගේ නම හොදේ ) පැදුර ලොකුද "


 " ඒ ගෑස් එකට තාම ගහනවද දන් නෑ නෙහ් "


 "ඒ පැදුරක් ගෙනාවද දවල්ට ගැහුවොත් බිම නිදාගන්න "


 "ඒ දෝදු හූ "


 "හොද වැඩේ අපිව බයිට් කරනවට දෙන්නම්කො දැන් "


 "ඒ ඉරිදා ක්ලාස් එනවද "


 "අපරාදේ අපි ඇදේ කකුල් හිටං කැපුවා"


 "ඒ ඇති ඇති ඉරිදටත් ටිකක් තියාගමු " 


අඩන්නද හිනා වෙන්නද මුන්ගේ ආච්චිට ,,,, හොදක් කරලත් . අපරාදේ මගේ රුපියල් පනහක් විතර . ඉරිදා ක්ලාස් ගියා අයියෝ ඒ පන්තියේ කොහොම හිටපු එකාද මං. වැඩිය ඕන් නෑ අපේ ටීචර් අක්කා මං එයාටත් මැසේජ් එකක් දැම්මා බිම නිදාගන්න කියල !!!! 

ක්ලාස් එකේ උන ඒවා අපි කතා නොකර ඉමු . මෙවන් විපතක් නවනින්ගිරාවක් අවනම්බුවක් සතුරෙකුටත් නොම වේවා!!!!!!!! බලන්ඩකො මගේ සමරු පොතේ තිබ්බ මතක සටහනක් . ආසාවේ බෑ.




 ප. ලි . : නම් ගම මනගම්කල්පිතයි 

ප. ප. ලි : ස්කුබි මං කියන සමහර ඒවා විහිලු. මුන් දැන් මට පද හදයි 
. "නොදුටු සේම නෙතු පියාන ඉන්න ස්වාමිනේ "

20 comments:

  1. :D හාවි දැං බ්ලොග් ලියනෝ එහෙනං :D

    මු.නො.ස ;)

    ReplyDelete
  2. "ඒ පැදුරක් ගෙනාවද දවල්ට ගැහුවොත් නිදාගන්න"ඕක දවල්ට ගහනකොට නිදාගන්න කරමුද

    ReplyDelete
  3. ඔච්චර වේගෙන් ලියන්න එපා හාවෝ දවසට එක පාරක් මේකට එන උන්ට පොස්ට් මිස් වෙනවා අපි වගේ දවදේම මේකේ ඉන්න උන් නම් දකිනවා නෙහ් කොහොමත්

    ReplyDelete
    Replies
    1. දවස් කීයකට පාරක් වගේද බන් දාන්න හොද

      Delete
  4. මේක එල .. ආයේ ඉස්සර පැණියමයි දැනුත් ඉන්නේ.කතා දෙකක් නෑ -පින්කා-

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල, මු ඇරෙන්න අනිත් ඔක්කොමලම ට පැණි හලනවා :v

      Delete
  5. කමෙන්ට් එකක් දාන්නං...
    දිග වැඩි හින්දා කියෙව්වෙ නෑ... අවුලක් ගන්ඩ එපා... ඈ

    ReplyDelete
  6. හයියූ තල්ලි.. ‍මේ මේ මමත් අද පැදුරෙ දෝ ගන්නවා ඕං

    ReplyDelete
  7. පැදුරක් පීස් ........................................

    ReplyDelete
  8. හම්මේ... පැදුරු ස්ටෝරි

    ReplyDelete
  9. හාවී බිමද තාම නිදියන්නේ

    ReplyDelete
  10. එල එක එල එකක්...........
    ප්‍රස්නෙ කියන්නෙ කොහොමද යකෝ මේක ටයිප් කරේ.............

    ReplyDelete
  11. //සිංහල ගණන් උගන්නනව//

    යකෝ කොමා, තිත්. කියෙන්නෙ වචන වෙන් කරන්න. තොගේ කී බෝඩ් එකේ ඒව නැඩ්ඩ බොල?

    එ කාතා දිග වැඩී බං. සෝට් ඇන්ඩ් සුවීට් ලියාං.

    දිනෙන් දින දියුනු වී ආකාසෙටම යැවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් වැඩි උනා වගේ බන් එල තෑන්ක් යු

      Delete